මුලතිවු ව්‍යාපෘතියක් සඳහා ජපන් ආධාර

Published in පුවත්
Saturday, 13 September 2014 09:35

donetion"මුලතිවු දිස්ත්‍රික්කයේ නැවත පදිංචි ධීවර ප්‍රජාව නගාසිටුවීම හා ජීවනෝපාය වැඩිදියුණු කිරීම" ව්‍යාපෘතිය සඳහා ජපන් රජය මඟින් ඇමරිකානු ඩොලර් මිලියන 224380 එනම් රුපියල් මිලියන 30කට ආසන්න ආධාර මුදලක් (ජපන් යෙන් 21,764,860) ජපාන රාජ්‍ය නොවන සංවිධාන සහයෝගිතා ආධාර වැඩසටහන යටතේ ලබා දුන් බව ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලය පවසයි.

මේ ව්‍යාපෘතිය අන්තර් මානව සහයෝගිතාව සඳහා වූ ආසියානු ශාන්තිකර සම්පත් මධ්‍යස්ථානය (PARCIC) මඟින් ක්‍රියාත්මක කෙරේ. PARCIC ජපන් රාජ්‍ය නොවන සංවිධානයක් වන අතර එය 2004 වසරේ සිට උතුරු පළාතේ ප්‍රතිසංස්කරණ සහ සංවර්ධන වැඩසටහන්වල නියැළී සිටී.

PARCIC සංවිධානය මඟින් පොදු ළිං 18ක් සහ ප්‍රජා ශාලා 03ක් 2013 වසරේ ලබා දී ඇති අතර මේ සංවිධානය මඟින් මුලතිව් ප්‍රදේශයේ ක්‍රියාත්මක කරනු ලබන භාෂා ප්‍රවර්ධන වැඩසටහන් සහ පාසල් කාලයෙන් පසු අමතර පන්ති පැවැත්වීම සඳහා ඉදිකළ ප්‍රජා ශාලා යොදා ගනී.


නැවත පදිංචි ප්‍රජාව කඩිනමින් යථා තත්ත්වය පත්වීමත් ප්‍රජාව අතර එකමුතුබව වර්ධනයත් එම ක්‍රියාකාරකම් මනා පිටිවහලක් වේ. PARCIC ශක්තිමත් කරමින් ඉහත ව්‍යාපෘතිය මඟින් මුලතිව්හි මුහුදුබඩ පත්තු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මාළු වෙළෙඳ මධ්‍යස්ථාන 03ක් ඉදිකිරීමට නියමිත බව ද ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලය පවසයි.

ගෝලීය සාමය හා සමෘද්ධිය වෙනුවෙන් ජපන් රජය කැපවී කටයුතු කරයි. ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා විශාල සහයක් ලබා දෙයි. ඒ අනුව ශ්‍රී ලංකාවේ ජාතික සහජීවනය තුළින් දිගුකාලීන සංවර්ධනයක් සඳහා ශ්‍රී ලංකාව ධෛර්යමත් කරමින් ලංකා සාම ක්‍රියාවලියේ සුවිශේෂී සහයකයෙකු මෙන් ම උතුරු පළාත නැවත නගාසිටුවීම සහ සුබසාධනය සඳහා කැප වී කටයුතු කරයි.

 
මේ ව්‍යාපෘතිය සඳහා වන ගිවිසුමට අත්සන් තැබීම ශ්‍රී ලංකාවේ ජපන් තානාපති නොබුහිතෝ හොබෝ මහතා සහ PARCIC ව්‍යාපෘතියේ සම්බන්ධීකාරක ෆුමී ඉතෝ මහත්මිය අතර ඊයේ (12) කොළඹ ජපන් තානාපති නිල නිවසේදී සිදු කෙරිණි.

 
මෙහිදී අදහස් දැක්වූ PARCIC ව්‍යාපෘතියේ සම්බන්ධීකාරක ෆුමී ඉතෝ මහත්මිය  පැවසුවේ, මේ ව්‍යාපෘතිය ප්‍රදේශයේ ධීවර සමිති ශක්තිමත් කිරීම අරමුණු කර ගනිමින් ආරම්භ කරන බවයි.

ඇය වැඩිදුරටත් සඳහන් කළේ යුදමය වාතාවරණය යටතේ පැවති තත්ත්වය මගහරිමින් නැවත තම කටයුතු ආරම්භ කිරීමට සහ ඉතා හොඳ මට්ටමින් පවත්වා ගෙන යාමටත් ධීවර සමිති යම් ප්‍රමාණයක් සමත් වී ඇති බවයි. මේ ව්‍යාපෘතිය මඟින් ධීවර සමිති කටයුතු යථා තත්ත්වයට පත් වීම කඩිනමින් කිරීමටත් ධීවර ප්‍රජාව සමස්තයක් ලෙස ශක්තිමත් කිරීමටත් අපේක්ෂා කරයි.


අවුරුදු  20කට වඩා වැඩි කලකට පසුව මේ ප්‍රදේශයේ නැවත පදිංචියට පැමිණි ජනතාව තම ජීවනෝපාය දියුණු කර ගැනීමේ දැඩි අධිෂ්ඨානයකින් පසුවන බවත් ඒ සඳහා මේ ව්‍යාපෘතිය මහඟු පිටිවහලක් බවත් ඇය පැවසුවාය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us