මහින්දට පුළුවන් :අධිකරණය තීන්දු කරයි

Published in පුවත්
Sunday, 14 September 2014 09:08

mahindaආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව තමන් තුන්වැනි වරට ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමේ නීත්‍යනුකූලභාවය පිළිබඳව අදහස් විමසීමක් ජනාධිපතිවරයා අධිකරණ ක්ෂේත්‍රයේ ඉහළම ආයතනයකින් සිදුකර තිබේ.

මීට අදාළ අදහස් විමසීම පසුගිය දහවැනිදා ජනාධිපතිවරයා යොමුකර ඇති අතර, අදාළ අධිකරණයෙන් මේ වන විට එම විමසීමට ප්‍රතිචාර දක්වා ඇතැයි හෙළිදරව් වෙයි.

අදාළ ප්‍රතිචාරයට අනුව ජනාධිපතිවරයා මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට සූදානම් වන අතර, එය ලබන ජනවාරි මස මුල් සතියේ පැවැත්වීමට සැලැසුම් කර ඇත.

මේ අතර දහ අටවැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව ජනාධිපතිවරයාට තුන්වැනි වර ජනාධිපතිවරණයට ඉදිරිපත් විය නොහැකි බවත්, මහින්ද රාජපක්ෂ මහතා දෙවැනි වර ජනාධිපති ධුරයේ දිවුරුම් දී ඇත්තේ දහඅටවැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමට පෙර වීම මීට හේතුව බවත් පවසන හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා මහින්ද රාජපක්ෂ මහතා තුන්වැනි වර ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට එරෙහිව නඩු දැමීමට සැලැසුම් කර ඇත.

ජනාධිපතිවරයා අධිකරණ ක්ෂේත්‍රයේ අදාළ ආයතනයෙන් කළ අදහස් විමසීම සහ ඊට ලැබී ඇති ප්‍රතිචාරය මේ නඩුවට බලපෑමක් එල්ල නොකරන අතර, ඊට අදාළ ලියකියවිලි මේ වන විට සකස් කර අවසන් බවද අනාවරණය වෙයි.

(මව්බිම)

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us