සජිත් නි. නායකයා කිරීමේ යෝජනාව 23 !

Published in පුවත්
Sunday, 14 September 2014 09:00

sajithසජිත් ප්‍රේමදාස මහතා නියෝජ්‍ය නායක තනතුරට නිල වශයෙන් පත් කිරීම සඳහා වූ යෝජනාව ලබන 23 වන දා රැස්වන කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කරන බව එජාප මහලේකම්වරයා පවසයි. එම යෝජනාවට කෘත්‍යාධිකාරී මණ්ඩලය එකඟ නොවන්නේ නම් තුනෙන් එකකට නොඅඩු සාමාජික පිරිසගේ අත්සනින් යුතු ලිපියක් මගින් විකල්ප යෝජනාවක් ඉදිරිපත් කළ හැකි බවද ඒ මහතා සති අන්ත පුවත් පතක් සමග පැවති සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබේ.

එජාපයේ අර්බුදය මේ වනවිට අලූත් වටයකින කරළියට පැමිණ තිබේ. පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ '' කියා සඟ නහී නොකියා වෙහෙර නහී ''තත්වයකට පත්ව සිටී. බදුල්ලේ පැවැති එජාප සංවත්සරයේදී පාක්ෂිකයන් කුල්මත් කිරීමට සජිත් ප්‍රේමදාසට නියෝජ්‍ය  නායක තනතුර ලබාදෙන බවට මාධ්‍ය සංදර්ශනයක් පමණක් පැවැත්වූ බව මහලේකම්වරයාගේ ප්‍රකාශයෙන් තහවුරු වේ.

මංගල සමරවීර මහතා විදෙස්ගත වුයේද  මෙම සංවත්සරය මගහැරීමට බවත් රවී, විජේදාස රනිල් වික්‍රමසිංහ වේදිකාවට එන විට වේදිකාවෙන් බැස ගියේත් සජිත් නියෝජ්‍ය නායක තනතුරට යෝජනා කිරීමට විරුද්ධව බවත් අනාවරණය වේ. එම සංවත්සර කතාවේදී සජිත් කරූ ජයසූරියට ප්‍රහාරය එල්ල කරමින් පැවසූයේ, '' මම එහාට මෙහාට පැනපු කෙනෙක් නෙවෙයි'' යනුවෙනි. කෙසේ වෙතත් එජාප දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ සජිත් මෙසේ ඉටුකරමින් සිටින්නේ ආණ්ඩුවේ වුවමනාවන් බවය.

සජිත ප්‍රේමදාසට නියෝජ්‍ය නායකකම ලබාදුන් විට  ඔහු කෘත්‍යාධිකාරී මණ්ඩලයට පැමිණෙන බවත් ඊට පසු ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙස රනිල් වික්‍රමසිංහ මහතාව යෝජනා කරන බවටත්ය. නියෝජ්‍ය  නායකයාගේ යෝජනාව අනෙක් අයට මගහැරිය නොහැකි බවත් රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත්වී පරාජය වනු දැකීම ආණ්ඩුවේ වුවමනාව වී ඇති නිසා සජිත් ඉටුකරන්නේ ආණ්ඩුවේ උවමනාවක් බව රවී පාර්ශවය මතු කරන තර්කය වේ.

කෙසේ වෙතත් මේ වනවිට එජාප අර්බුදය අලුත් වටයකින් කරලියට පැමිණ තිබෙන බව ඉතා හොඳින් පැහැදිලි වන අතර ඌව මැතිවරණයෙන් පසුව බරපතල ගැටුමක් එජාපය තුළ නිර්මාණය වීමේ වටපිටාව මේ වනවිට ඇති වී තිබේ. පක්ෂයේ පිරිස් කණ්ඩායම් කිහිපයකට බෙදී ඇති අතර ඌව මැතිවරණයේදී එම කණ්ඩායම් අතර බරපතල ගැටුම්ද ඇති වී තිබේ. මෙම කරුණුවලට අමතරව පසුගිය සතියේ පුවත්පත් සාකච්ඡාවකට එක් වෙමින් එජාප මහලේකම්වරයා පැවසුවේ සජිත් නියෝජ්‍ය නායක වූ පලියට හැමදේම නිවැරදි නොවන බවත් තමාටත් පක්ෂයේ අභ්‍යන්තරයෙන් කැපිලි තිබෙන බවය. මංගල සමරවීර මහතා පසුගියදා පුවත්පත් සකච්ඡාවේදී ප්‍රකාශ කර තිබුණේ  සජිත් කියන දේවල් ක්‍රියාවෙන් ඔප්පු කර පෙන්විය යුතු බවය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us