මධ්‍යම පළාත් සභා විශේෂ සභා රැස්වීමේ දී මෙම ‘රා’ තැබෑරුම් ටෙන්ඩරය පිළිබඳව අනාවරණය කළ තිළිණ බණ්ඩාර තෙන්නකෝන් මහතා මෙසේ පැවසීය.
‘රුපියල් කෝටි හතරක මුදලකට මහනුවර නගරයේ රා තැබෑරුම් ටෙන්ඩරය අලෙවි වීම පුදුමයක්. මේ තැබෑරුමේ ටෙන්ඩරයෙහි පළාත් සභාවටත් විශාල ආදායමක් ලැබෙනවා.
රුපියල් තුන් කෝටි අනූ අට ලක්ෂ දහසය දාහක මිලකට මේ රා තැබෑරුම් ටෙන්ඩරය අලෙවි වී තිබෙනවා.
රා තැබෑරුමක වාර්ෂික ටෙන්ඩර් බලපත්‍රය රුපියල් කෝටි හතරක මුදලකට අලෙවි වීමේ සිද්ධිය පිළිබඳව සොයා බැලිය යුතුයි’
(ලංකාසීනිවුස්)