'ජනාධිපතිවරයා උම්මා දීලා ඡන්ද ගන්නේ. උම්මා දෙන නායකයෝ නොවේ අප රටට අවශ්‍ය. අපෙත් නායකයෝ ඉන්නවා. නමුත් උම්මා දෙන්නේ නැතිව ජනතාවගේ කුසගින්න නිවා දමනවා '
එහිදී ඔහු පැවසුවේ තමනට ඌවේ මහ ඇමති ධූරය නැති වුණත් ප්‍රශ්ණයක් නැති බවත් තමන් පක්ෂය වෙනුවෙන් කළ කැප කිරීම ඊට වඩා වැදගත් බවයි.
‘මට මහ ඇමති ධූරය නැති වුණත් මා එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් කළ කැප කිරීම, සේවය,පක්ෂයේ සමගිය ඊට වඩා වැදගත්. පුංචි රාජපක්ෂ පරද්දන්න කියා මට කළ අභියෝගය නිසයි මා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස් වී ඇවිත් මේ අභියෝගය භාර ගන්නේ.
'මෙදා පාර පිටින් ඇවිත් එක්සත් ජාතික පක්ෂය පරද්දන්න වෙන්නේ නැහැ. අපට ඕනෑ මේ කාලකන්ණි රාජපක්ෂ රජය තුරන් කරන්න. මට විශාල අභියෝග කළ පිරිසක් හිටියා. රනිල් සජිත් හැකි නම් එකම දේශපාලන වේදිකාවකට ගේන්න කිව්වා. ඒ අභියෝගය මා භාර ගෙන පස්සරින් එය පෙන්නුවා'
ජනාධිපතිවරයා කියනවා ලක්ෂ 2 1/2 ක් වැඩි ඡන්ද අර ගෙන දිනන්න ඕන කියලා. එහෙම දිනුවේ නැතිනම් ඉල්ලා අස් වෙනවාද කියා මා අහන්න කැමැතියි.යනුවෙන්ද ඔහු පැවසුවේය