කළුබෝවිල රෝහලේ ටෙන්ඩර් මගඩියක්

Published in පුවත්
Wednesday, 17 September 2014 09:26

කළුබෝවිල ශික්‌ෂණ රෝහලේ ලබන වසර (2015) සඳහා වන රෝහල් පිරිසිදු කිරීමේ (ජැනිටෝරියල්) ටෙන්ඩරය රුපියල් මිලියන 2 ක අල්ලස්‌ මුදලකට යටත්ව දැනට එම රෝහලේ පිරිසිදු කිරීමේ කටයුතු ලබාදී ඇති අකාර්යක්‌ෂම යෑයි චෝදනා එල්ල වී ඇති සමාගමකට ලබාදීමට නිර්දේශ කිරීමේ සිද්ධියක්‌ සම්බන්ධයෙන් කළුබෝවිල ශික්‌ෂණ රෝහලේ පරිපාලන නිලධාරිවරයාට එරෙහිව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පරීක්‌ෂණයක්‌ ආරම්භ කර තිබේ.

මෙම වසර පුරාම කළුබෝවිල ශික්‌ෂණ රෝහලේ පිරිසිදු කිරීමේ කටයුතු ලබාදී ඇති සමාගමෙහි අකාර්යක්‌ෂමතාවය පිළිබඳව රෝහලේ බලධාරීන්ගෙන් මෙන්ම කාර්ය මණ්‌ඩලයෙන්ද සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පැමිණිලි ලැබී තිබිණි.

එවැනි වාතාවරණයක්‌ තුළ මෙතෙක්‌ පිරිසිදු කිරීමේ සමාගම අකාර්යක්‌ෂම බව කියමින් පැමිණිලි කර තිබූ රෝහලේ බලධාරීන්ම සිය ස්‌ථාවරය හදිසියේ වෙනස්‌ කරමින් අදාළ සමාගම පිරිසිදු කිරීමේ කටයුතු හොඳින් පවත්වාගෙන යන බවට සෞඛ්‍ය අමාත්‍යාංශයට නිර්දේශ කිරීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් විසින් ඉකුත් සිකුරාදා (12 දා) කළුබෝවිල ශික්‌ෂණ රෝහලේ අධ්‍යක්‌ෂවරයා වෙත ලි ත දැනුම් දීමක්‌ කර තිබේ.

රෝහලේ පරිපාලන නිලධාරිවරයාට රෝහල් පිරිසිදු කිරීමේ සමාගම විසින් ලබාදුන් බව කියන රුපියල් මිලියන 2 ක අල්ලස්‌ මුදල හේතුවෙන් රෝහලේ බලධාරීන් එම සමාගම පිළිබඳ සිය කලින් ස්‌ථාවරය හදිසියේ වෙනස්‌ කිරීම ගැන සොයා බලන ලෙස කළුබෝවිල රෝහලේ හෙද පරිපාලනයද සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පැමිණිලි කර ඇතැයි වාර්තා වේ.

චෝදනාවට ලක්‌ව ඇති කළුබෝවිල ශික්‌ෂණ රෝහලේ පිරිසිදු කිරීමේ කටයුතු පවත්වාගෙන යන සමාගම විසින් ලබන වසර සඳහා පිරිසිදු කිරීමේ කටයුතු පවත්වාගෙන යාම වෙනුවෙන් ඉදිරිපත් කර තිබූ ටෙන්ඩරයේ වටිනාකම රුපියල් මිලියන 30 කි.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us