2014 දෙසැම්බර් 16 දින ප.ව. 2 දක්වා කාල සීමාව තුල ‍කැෆේ සංවිධානය වෙත මැතිවරණ පැමිණිලි 267 ක් ලැබී ඇත. ගිණි අවි භාවිත කිරීමේ සිදුවීම් 10 ක් ද ඇතුලත් මුඵ ප්‍රචණ්ඩ ක්‍රියා ගණන 33 කි. මේ අතර ප්‍රචාරණ සිදුවීම් 234 ක් වාර්තා වන අතර එයින් වැඩිම සංඛ්‍යාව අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් වාර්තා වෙයි.

කෝට්ටේ නාගරික මන්ත්‍රී රංජන්‍ පොන්නම්පෙරුම, මහනුවර මහනගර සභාවේ හිටපු එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී අතුල සෙනරත් හා ජා ඇල හිටපු නගරාධිපති අංජු පෙරේරා ඉදිරි ජනාධිපතිවරණයේදී මෛත්‍රිපාල සිරිසේන මහතාට සහාය දෙන බව අද (16) පැවසුවේය.

නිලන්ත ඉලංගමුව

තමන්ගේ බොරු ප්‍රචාර කොට ජනතාවගේ කැමැත්ත මංකොල්ල කෑම සඳහා ත්‍රිමාණ තාක්ෂණය නොව කුමන උපාය යොදා ගත්තද ජනතාව හූ කීමට පටන් ගෙන තිබේ. මෝදීගේ මැතිවරණ උපායන් සියල්ලම රාජපක්‍ෂ ඉතාම අහිංසක මී පැටියෙකු ලෙස භාවිතා කරමින් සිටින්නේය. ඔහු දකින සිහිනය කෙසේ වෙතත් පක්ෂය තුළ ඇති වී ඇති බෙදීම යළිත් රාජපක්ෂට තබා රාජපක්ෂගේ ඥාතියෙකුට හෝ වෙනස් කළ නොහැකිය.

පාකිස්තානයේ පේෂාවර් නුවර හමුදා පාලනයේ පවතින පාසලක් වෙත තලේබාන් සටන්කාමීන් එල්ල කළ ප්‍රහාරයක් හේතුවෙන් අඩුම තරමින් පුද්ගලයන් 100ක් පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, ඉන් බහුතරය පාසල් සිසුන් බවත් වාර්තා වෙයි.

EPDP සහ TNA ගැටෙයි

Published in පුවත්
Tuesday, 16 December 2014 14:14

දෙමළ ජාතික සන්ධානය හා ඊපීඩීපී සංවිධාන නියෝජිතයන් දෙපිරිසක් අතර ගැටුමක් ඇති වී තිබේ.

අද(16) පෙරවරුවේ යාපනය දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී මෙම ගැටුම සිදුව තිබේ.

පොලිස් සේවයේ තනිකඩ භට නිවාසවල පදිංචි වී සිටින නිලධාරීන්ගෙන් ජල හා විදුලිබිල්පත් අයකර ගැනීම නතර කිරීමට තීරණය කර තිබේ. 

නොවැම්බර් 01 දින සිට 26 දින දක්වා චන්ද්‍රිකා කුමාරණතුංග, රාජිත සේනාරත්න, මෛත්‍රීපාල සිරිසේන, දිගම්බරම්, පාඨලී චම්පික රණවක, රනිල් වික්‍රමසිංහ, මංගල සමරවීර මහත්ම මහත්මීන් සිංගප්පූරුවට ගොස් කළ කී දෑ පිළිබඳව රටේ ජනතාවට හෙළි කළ යුතු බව 'නිදහස් මව්බිමේ නීතිඥයෝ' නමැති සංවිධානක්  කියා සිටී.

සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන අද(16) තමන් ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කරන අවසන් තරගයට සහභාගි වීමට නියමිතය.

මේ වන විට ටෙස්ට් පිටියෙන් සමු ගෙන සිටින මහේල ජයවර්ධන එළැඹෙන ලෝක කුසලාන තරගාවලියේ දී එක් දින පිටියට සමු දෙන බව මින් පෙර ප්‍රකාශයට පත් කළේය.

මේ වන විට ලංකාව ලෝකයේ හොදම මත් කුඩු තිප්පොල බවට පත්ව ඇතැයි ජවිපෙ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා පැවසුවේය.

ඇතැම් රජයේ නිළධාරීන් සිදු කරන ලද රටට අහිතකර ගණුදෙණු සහ තීරණ පිළිබඳ අද නම් ගම් සහිතව හෙළි කරන බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසුවේය.

Connet With Us