News Items (18842)
මේ මැතිවරණයෙදී හංසයා ලකුණ වැඩි ජන්ද ලක්ෂයකින් ජයග්‍රහණය කරන බවත් රටේ ජනපති ලෙස අනිවාර්යයෙන්ම මෛත්‍රීපාල සිරිසේන මහතා පත්කරන බවත් හිටපු අධ්‍යාපන සේවා අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවැසීය.
ෆෝබ්ස් නවතම වාර්තා අනුව වසර 3 ක් පිට පිටම ඉන්දියාවේ ධනවත්ම සුපිරි තරුව වූ ෂාරුක් ඛාන් අභිබවා ඉන්දීය සුපිරි ධනවත් චරිත ලැයිස්තුවේ ප‍්‍රමුඛස්ථානය හිමිකරගැනීමට සල්මාන් ඛාන් සමත්වී අැත.
‘‘ දිල්වාලේ දුල්හානියා ලේජායෙන්ගේ ’’නව වාර්තාවක් පිහිටුවයි.
ඉන්දියාවේ අතිශය ජනපි‍්‍රය චිත‍්‍රපටයක් වූ ‘‘ දිල්වාලේ දුල්හානියා ලේජායෙන්ගේ ’’ චිත‍්‍රපටය මුම්බායිහි සිනමා ශාලාවක් තුළ සති දහසක් හෙවත් දින හත් දහසක් ප‍්‍රදර්ශනය කරමින් නව වාර්තාවක් පිහිටුවා අැත.
ලතින් ඇමරිකානු බොලිවියානු රාජ්‍යයේ හමුදා සෙබළුන් අතුරින් තරබාරු පුද්ගලයන්ගේ තොරතුරු එරට හමුදාව දැන් ලියාපදිංචි කරමින් සිටී.
පුත්තලම හලාවත හා අාරචංචිකට්ටුව යන ප්‍රදේශවල ඉදිකොට අැති 'ජංගි කටවුට්' නමින් පුත්තලම ජනතාව හදුන්වන රෙදි කැබැල්ලකින් වසා දැමිය යුතු තැන් අඩක් පමණක් වසා අැති කටවුට් ඉවත් කරන මෙන් කැෆේ සංවිධානය ඊයේ (13)මැතිවරණ කොමසාරිස්තුමාෙගන් ඉල්ලා සිටිෙය්ය. පහත දැක්වෙන්නේ එම ඉල්ලීම සහිත ලිපියයි.
ත්‍රස්තවාදය මැඩලීම සඳහා්‍තම ජීවිත පරදුවට තබා කටයුතු කළ රණවිරුවන් වෙනුවෙන් තම ආණ්ඩුව යටතේ යුතුකම් ඉටුකරන බව විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ශ්‍රී ලංකාව සහ එංගලන්ත කණ්ඩායම අතර මේ වන විට පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරඟයේදී කුමාර සංගක්කාර ශතකයක් ලබා ගැනීමට සමත් වී තිබේ.
පාරිසරික අයිතිය තහවුරු කෙරෙන පොදු ජන ප්‍රතිපත්ති මාලාව එළිදැක්වෙයි
තැපැල් ඡන්ද භාවිත කිරිමට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වෙත ලබා දි තිබේ.
ඒ අනුව තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු තැපැල් ඡන්ද රක්ෂණ පැකට් ලබන 15 වැනිදා තැපෑලට බාරදෙන බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය සඳහන් කළේය.
ලංකා බැංකු සේවක සංගමය ඊයේ(12) හදිසි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතවීමට තීරණය කොට තිබේ.
බැංකු සේවයේ නිරතවූවන්ට හඳුන්වා දී තිබුණු විශ්‍රාම වැටුප් ක්‍රමය 1996දී අහෝසි කරනු ලැබූ බවත්, එතැන් සිට එය දිනා ගැනීම සඳහා අඛණ්ඩව ඉල්ලීම් කළ බවත් ලංකා බැංකු සේවක සංගමය වෙනුවෙන් කේසර කෝට්ටේගොඩ මහතා සඳහන් කළේය.
