කාන්තා පරපුරටම නින්දා කළ S.B ඉල්ලා අස්විය යුතුයි

Published in පුවත්
Friday, 12 December 2014 14:02

කාන්තාවන් යනු රටේ ආර්ථිකය උදෙසා 60% ක අධික ප්‍රමාණයකට දායකවන සුවි‍ශේෂී ජන කොට්ඨාශයක් වන බවත් මේ වන විට ලංකාව තුළ කාන්තාවන් ඉතා අසරණ තත්වයකට පත් වී ඇති බවත් ලක් වනිතා පෙරමුණ මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමින් රෝසි සේනානායක මහත්මිය අද (12) පැවසුවාය.

පසුගිය දිනක මෙරට උසස් අධ්‍යාපන අමාත්‍යවරයා වන එස්.බී දිසානායක සමස්ත කාන්තා පරපුරටම නිග්‍රහ කළ බවත් ඔහු ඒ වෙනුවෙන් සමස්ත කාන්තා පරපුරෙන්ම සමාව ගතයුතු බවත් රෝසි සේනානායක මහත්මිය සදහන් කළාය.

හිටපු ජනාධීපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියව බිම දමා පාගා නිරුවත් කර පාරේ දුවන්න සැළැස්විය යුතු බව උසස් අධ්‍යාපන ඇමතිවරයා පැවසූ බවත් ,හිටපු ජනාධීපතිනීයට මෙසේ පැවසුවානම් මේ රට තුළ සාමාන්‍ය කාන්තාවකට තිබෙන තත්වය කෙබදුද යන්න පැහැදිලි වන බව ත් ඇය පැවසුවාය.

වත්මන් ජනාධිපතිවරයා ඔවුන්ව ආරක්ෂා කරමින් නිහඩව සිටීම හෙළා දකින බවත් කාන්තාවන්ට ගරු සැළකිල්ලක් දක්වනවානම් එස් බී දිසානායක අමාත්‍යවරයා ඉල්ලා අස්වන තැනට කටයුතු කිරීමට මෙරට ජනාධිපතිවරයා ක්‍රියා කළ යුතු බවත් ඇය පැවසුවාය. එස් බී දිසානායක ,හිටපු ජනාධීපතිනියගෙන් පමණක් නොව සමස්ත කාන්තා පරපුරෙන්ම සමාව ගත යුතු බවද ඇය පැවසුවාය.


‍කොස් පොළොස්කා හැදුනු වැඩුණු මවකගේ කුසින් බිහිවූවන් පාර්ලිමේන්තු පදවිවල හිදගෙන තනතුරු හොබවමින් මෙසේ නොමනා ලෙස කාන්තාවන්ට නිගරු කිරීම හෙළා දකින බව මෙම අවස්ථාවට සහභාගීවූ මධ්‍යම පළාත් පළාත් සභා මන්ත්‍රිනී ශාන්තිනී කෝන්ගහගේ මහත්මිය ද අවධාරණය කළාය.

ඡායාරූප- නිශාන්ත පි‍්‍රයදර්ශන

Picture-009

Picture-016

Picture-022

Picture-025

{soundcloud}https://soundcloud.com/lankadaily/rosi-koongahage{/soundcloud}

Last modified on Friday, 12 December 2014 14:13

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us