මහින්දගෙන් ක්‍රීඩකයන්ට බලපෑම්

Published in පුවත්
Friday, 12 December 2014 12:30

ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දේශපාලන ප්‍රචාරක කටයුතු සදහා එක් වන ලෙස වර්තමාන ක්‍රිකට් ක්‍රීඩකයන්ට බලපෑම් එල්ල වෙමින් පවතී බව පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා පවසයි.

මෙම ප්‍රචාරණ දැන්වීම්වලට සහභාගිවීමට ක්‍රීඩකයන් ප්‍රතික්ෂේප කර තිබයදී ඔවුන්ට බලපෑම් එල්ල කිරීම හෙළා දකින බව ඔහු සඳහන් කරයි.

ක්‍රීඩකයන් මෙවන් දේ සඳහා යොදා ගෙන ඔවුන්ට පසුව ලාබ ප්‍රයෝජන ලබා දීම පසුගිය කාලයේදී ද දක්නට ලැබුණි.

තේරීම් කමිටු සාමාජික හෂාන් තිලකරත්න ජනාධිපතිවරයාට සහය පළ කර ප්‍රසිද්ධ දේශපාලනයට පැමිණීම අර්ජුණ රණතුංග මන්ත්‍රීවරයා දැඩි ලෙස විවේචනය කළ අතර දේශපාලනයට පැමිණීමට අවශ්‍ය නම් ඔහු තේරීම් කමිටුවෙන් ඉල්ලා අස් විය යුතුයි බව පවසයි.

"හෂාන් කියන්නේ ක්‍රිකට් ආයතනයෙන් මුදලක් ලබන කෙනෙක්, අනික රටේම ක්‍රීඩකයන්ගේ වගකීම තිබෙන පුද්ගලයෝ මේගොල්ලෝ, දේශපාලනය කරන්න ඕනේ නම් ඔහු තේරීම් කමිටුවෙන් අයින් වෙන්න ඕනේ"

ක්‍රිකට් ආයතනයේ නිලධාරින්ද සහභාගිවූ මාධ්‍ය සාකච්ඡාවක තේරීම් කමිටු නිලධාරියෙකු වන හෂාන් තිලකරත්න ජනාධිපතිට සහය පළකිරීම ක්‍රිකට් ක්‍රීඩාව දේශපාලනීකරණය වීමේ තවත් උදාහරණයක් පමණක් බව මන්ත්‍රීවරයා සඳහන් කරයි.

"තමන්ගේ නම දාන්න ක්‍රීඩාංගන හදලා, ක්‍රිකට් ආයතනය බංකොලොත් කළා ,අපි දැක්ක ඇමැතිවරයකුගේ පුතෙකු ලකුණු නැතිව සංචිත වල හිටියා, මේවා දේශපාලනීකරණය නොවෙයිද?," යනුවෙන් ඔහු වැඩිදුරටත් ප්‍රශ්න කළේය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us