මහින්ද බස් මගින් අසරණකර පොදු දේපල සූරා කයි

Published in පුවත්
Friday, 12 December 2014 12:01

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ අනුරාධපුර පැවැති රැළිය සදහා ලංගම බස් රථ අයතා ලෙස යොදා ගැනීම හේතුවෙන් ඊයේ(11)උතුරු මැද පළාතේ බොහෝ ප්‍රදේශයන්හි පොදු ප්‍රවාහණ සේවා අඩාල වී තිබේ.

මෙවර අපොස සා.පෙ. විභාගය පෙනී සිටින දරු දැරියන් හට විශාල අපහසුතාවයන්ට මුහුණ දීමට සිදුව ඇත.

පුත්තලම වැනි ඈත ප්‍රදේශයන් හි සිට එජනිස ආධාරකරුවන්ට රැළියට සහභාගිවීම සදහා නොමිලේ ප්‍රවාහණය පහසුකම් සපයා තිබුණු අතර මෙලෙස යොදා ගත් බස් රථ ප්‍රමාණය අවම වශයෙන් 1185 කි.

අනුරාධපුර, පොළොන්නරුව, ඩිපෝ මගින් කල විමසීම් වල දී ප්‍රකාශ වූවේ ණය පදනම මත මෙම බස් රථ ජන රැළියට ප්‍රවාහණ පහසුකම් සැපයීම සදහා ලබා දී ඇති බවයි.

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථ මෙවැනි කටයුතු සදහා ලබාදීමේ දී ඒ සදහා වන ගාස්තු ගෙවීමක් සිදු විය යුතුය.

නමුත්, බොහෝ විට සිදු වන්නේ ණය පදනමින් යැයි ලබා ගන්නා මෙවැනි බස් රථ සදහා කිසිදු අවස්ථාවක ගාස්තු ගෙවීමක් සිදු නොවීමයි.

අනුරාධපුර, පොළොන්නරුව, මුලතීව්, යාපනය, කිලිනොච්චි, දඹුල්ල, හැටන්, මහියංගනය, මොරටුව, උඩහමුල්ල, තලංගම, ජා ඇළ, මට්ටක්කුලිය, පේදුරුතුඩුව, හැටන්, අක්කරේපත්තුව, හොරොව්පතාන, කන්තලේ, තීකුණාමලය, හිගුරක්ගොඩ, නුවරඑළිය ඩිපෝ මගින් මෙම බස් රථ ලබා ගෙන තිබුණි.

anuradhapura-1

anuradhapura-2

anuradhapura-3

anuradhapura-4

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us