ජංගි කටවුට් ගලවන්න. කැෆේ මැ‍කෝ ගෙන් ඉල්ලයි.

Published in පුවත්
Sunday, 14 December 2014 09:53

පුත්තලම හලාවත හා අාරචංචිකට්ටුව යන ප්‍රදේශවල ඉදිකොට අැති 'ජංගි කටවුට්' නමින් පුත්තලම ජනතාව හදුන්වන රෙදි  කැබැල්ලකින් වසා දැමිය යුතු තැන් අඩක් පමණක් වසා අැති කටවුට් ඉවත් කරන මෙන් කැෆේ සංවිධානය ඊයේ (13)මැතිවරණ කොමසාරිස්තුමාෙගන් ඉල්ලා සිටිෙය්ය. පහත දැක්වෙන්නේ එම ඉල්ලීම සහිත ලිපියයි.

මැතිවරණ කොමසාරිස්තුමා
මැතිවරණ දෙපාර්තෙම්න්තුව

හලාවත සහ ආරච්චිකට්ටුව ‘ජංගි කටවුට්‘ සම්බන්ධයෙනි.

කොළඹ සිට වව්නියාව දක්වා වන මාර්ගයේ මේ දක්වාම ඉවත් කොට නොමැති කටවුට් වැඩිම ප්‍රමාණයක් ස්ථාපනය කොට ඇත්තේ හලාවත සහ ආරච්චිකට්ටුව ප්‍ර දේශයන් හිදී බව කැෆේ සංවිධානයේ නිරීක්ෂණයයි.


ප්‍රදේශයේ ජනතාව මෙම කටවුට් වලින් කොටසක් හදුන්වන්නේ ‘ජංගි කටවුට්‘ නමිනි. ඒ නම පට බැදීමට හේතුව විමසීමේ දී කටවුට් එකේ සැගවිය යුතු කොටස වසා දැමීමට රෙදි කෑලි භාවිත කිරීමත්, ඒවා සුළග හමන විට යටි කොටස නිරාවරණය වී පෙනෙන නිසා බවත් දැන ගතිමි.
මෙම ‘ජංගි කටවුට්‘ කිහිපයක ඡායාරූප මේ සමග යොමු කරමි. ඒවා ඉවත් කිරීමේ අවශ්‍යතාවට අද දින පුත්තලම දිස්ත්‍රික් ලේකම්තුමාට සහකාර මැතිවරණ කොමසාරිස්තුමා හමුවේ ද මම අද දින ප්‍රකාශ කළෙමි.


තවත් පුදුමයට කරුණක් නම් හලාවත නගර මධ්‍ය යේ ඇති කටවුට් එකක් පාමුල අති නවීන පොලිස් බයිසිකලයක් නවතා තැබීමයි. ඒ පිළිබද විමසීමේ අසන්නට ලැබුනේ රිය අනතුරු වලක්වා ගැනීමට මිස මෙම කටවුට් එකට ආරක්ෂාව සැලසීම සදහා නොවන බවයි.
ඔබගේ දැන ගැනීම සහ මේ ‘ජංගි කටවුට්‘ සම්බන්ධයෙන් සුදුසු පියවර ගැනීමට ඔබගේ කාරුණික අවධානය සදහා ඉදිරිපත් කරමි.
මෙයට විශ්වාසී,

කීර්ති තෙන්නකෝන්
විධායක අධ්‍යක්ෂ/කැෆේ සංවිධානය
පුත්තලම දිස්ත්‍රික් ලේකම්තුමා
පුත්තලම සහකාර මැතිවරණ කොමසාරිස්තුමා - අද දින වාචිකව ඉදිරිපත් කළ කරුණු වලට අමතරව

jangi-4

Jangi-best

jangi2

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us