News Items (18842)
විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැතිවරණ කටයුතු වලට ක්‍රියාකාරීව සහභාගී වූ බව කියන පුද්ගලයෙකු රාජාංගනය යාය 04 ප්‍රදේශයේදී අභිරහස් ලෙස මරා දමා තිබියදී සොයා ගෙන අැත.
වරදක් කර ඇත්නම් නම් එය නීතියට භාර දෙනවා මිසක් පළිනොගන්නා බවත් වත්මන් ජනපතිටත් අවශ්‍ය නම් විපක්ෂ නායක ලෙස පාර්ලිමේන්තුවට පැමිණිය හැකියි යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා අද(18) විපක්ෂ නායක කාර්යාලයයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී පැවසුවේය.
මේ වන විට ජාතික හැඳුනුම්පත් සඳහා අයදුම්පත් 100,000ක් ලැබී ඇති බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සදහන් කරයි.
ජාතික නිදහස් පෙරමුණේ දකුණු පළාත් නියෝජිතයින් දෙදෙනෙක් විපක්ෂයේ පොදු අපේක්ෂකයාට සහාය පල කිරීමට ඉදිරිපත් වී අැත.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට මෙවර ජනාධිපතිවරණයේදී සියයට පනහක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට බැරි තත්ත්වයක් උදාවුවහොත්, දෙවැනි මනාපය ගණන් කිරීමට පෙර ජනතාව සමඟ පාරට බැස සටන් කිරීමට විරුද්ධ පාක්ෂිකයන් සූදානමින් සිටින බවට තොරතුරු ලැබී ඇතැයි දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ සභාපති ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පැවසීය.
ශ්‍රී ලාංකික සම්භවයක් ඇති සුරූපී බොලිවුඩ් නිළි ජැකලින්ට 2014 වර්ෂයේ ඉන්දියාවේ ‘වසරේ හොඳම කාන්තාව’ යන සම්මානය ලැබී අැත.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ටෙස්ට් තරඟ 2කට හා එක්දින තරඟ 7කට සහභාගී වීම සඳහා අද(18) අලුයම නවසීලන්තය බලා පිටත් වූවේය.
දුෂණ ඔප්පු කළොත් විශ්‍රාම වැටුපත් නොගෙන ඉවත්වෙනවා
ඡන්ද පොළේ ඡන්දය භාවිතා කිරීමේ දී, හෝ ඡන්ද ගණන් කිරීමේ දී ඡන්දයේ ප්‍රතිඵල වෙනස් කිරීමට හැකි ආකාරයේ මහා පරිමාණයේ දුෂණ සිදුවන බවට යමෙක් ඔප්පු කළ හොත් විශ්‍රාම වැටුපද නොගෙන ඉවත් වීමට තමා ඇතුළු මැතිවරණ දෙපාර්තමේන්තු සේවකයන් සුදානම් බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
රත්නපුර නගරයේදී පොලිස් නිලධාරියකුගේ පහරකෑමට ලක්‌වූ ඩබ්ලිව්. ඒ. කාන්තිලතා නොහොත් "බට්‌ටී" අතුරුදන්වී ඇත.
ඉන්දියාව නිර්මාණය කළ විශාලම රොකට්ටුව අභ්‍යාවකාශ ගත කිරීමට නියමිතය.
