ඔහුගේ මළ සිරුර රාජාංගනය යාය 04 ලූණු ඔයේ තිබියදී ප්රදේශවාසීන් සොයා ගෙන ඇත. අභිරහස් ලෙස ඝාතනයට ලක්ව ඇත්තේ නිහාල් රත්නායක (බන්ටි) නැමති තිදරු පියෙකි. මිය යන විට ඔහු 40 වන වියේ පසුවීය.
නිහාල් මහතා ඝාතනයට ලක් වූ දින (17දා) ඔහුගේ නිවසේ සිටින විට පොලීසිය බව කියමින් යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු ඔවුන් පැමිණි යතුරු පැදියට නංවාගෙන ගිය බව ඔහුගේ පවුලේ ඥාතීහු පවසති.