ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය වසර සිය ගණනක් පැරණීය. එහි ආරම්භකයෝ ලාංකික අප නොව බි්‍රතාන්‍ය ජාතිකයන් වෙති. ඔවුන් ලංකාවේ සේවයට පැමිණි ඔවුන් සමහර විට සිංල දෙමළ ආදි භෘෂා පවා ඉගෙන ගෙන ගත් බවට වාර්තා ඇත. එසේ කළේ යටත් විජිත සමයක වුවද, තම සේවය ජනතාව වෙනුවෙන් ඉටු කරන බව දැන සිටි හෙයිනි.

පසුගිය 20 වන දින අප විසින් හෙළි කළ පරිදී ජාතික තරුණ සේවා සභාවේ නිළධාරීන් සේවකයන් හා නේවාසික සිසුන් මාතර ඡන්ද ප්‍රචාරක කටයුතු සඳහා අද දින ‍රැගෙන ගොස් තිබිණි.

මේ එහි ඡායාරූප කිහිපයකි.

 

mathara-youth-2mathara-youth-3

 

සැබැඳි පුවත් :

මාතර පරාදයි, ඩලස් කළබලවේ, තරුණ සේවා සභාවම මාතර !
Saturday, 20 December 2014 08:18


මාතර පරාදයි, ඩලස් කළබලවේ, තරුණ සේවා සභාවම මාතර !


ජනාධිපතිවරණයේදී මාතර දිස්ත්‍රික්කය ජනාධිපතිවරයාට ජය ගැනීමට නොහැකි බවට බුදිධි අංශ විසින් කළ සමීක්ෂණ වාර්තව නිසා එකසත් ජනතා නිදහස් සන්ධනයේ මාතර ප්‍රබලයා වන තරුණ කටයුතු ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා බරපතල ලෙස කළබල වී ඇත.

ඒ අනුව මාතර විශේෂ මැතිවරන ප්‍රචාරක මෙහෙයුක දියත් කිරීම සඳහා ජාතික තරුණ සේවා සභාවේ සියළු සම්පත් නීතීවිරෝධී ලෙස යොදා ගැනීමට මේ වන විට කටයුතු යොදා ඇත. ඒ අනුව එම ආයතන මුදලින් පසුගියදා ආණ්ඩුවට පැමිණි එජාප මහ ලේකම් වත්මන් සෞඛ්‍ය ඇමැති තිස්ස අත්තනායක මහතාගේ නමින් ප්‍රකාශනයක් මුද්‍රණය කර ඇති අතර ඒ ලබන සඳුදා දින මාතර දිස්ත්‍රික්කය පුරා සිටින එජාප පාක්ෂිකයින් ඉලක්ක කර බෙදා හැරීමට කටයුතු යොදා ඇත.

එහෙත් ඒ බෙදා හැරීමට හෝ ජනාධිපතිවරයා වෙනුවෙන් ප්‍රචරක කටයුතු කිරීමටට අවශය පිරිස සොයා ගැනිමට නොහැකි වීමෙන් ජාතික තරුණ සේවා සභාවෙ සේවය කරන සියළු සේවකයක් හා නිළධාරීන් මෙන්ම එහි නේවාසික පාඨමාලා සඳහා සහභාගී වී සිටින තරුණ තරුණියන්ද සඳුදා දින මාතරට කැඳවා ඇත. මේ වෙනුවෙන් ගමනා ගමන මණ්ඩලයේ බස් රථ 50කද මේ වන විටත් වෙන් කර ගෙන තිබේ. එම සේවකයන් හා නිළධාරීන් කැඳවා ඇත්තේ රාජකාරී කටයුතුක් ලෙස වන අතර ඒ වෙනුවෙන් අතිකාල දීමනා බටා ආදියද ගෙවීමට නියමිතය.


මේ සඳහා තරුණ සේවා සභවේ නිළධාරීන්ට අතිකාර දීමනා ආදීයද ලබා දෙන අතර ඔවුන් රාජකාරී සේවයේ නියුත්තන් ලෙස
ජාතික තරුණ සේවා සභාවේ නිළධාරීන් පවසන්නේ මෙය මුළු මනින්ම නීති විරෝධි කටයුත්තක් මෙන්ම බලහත්කාරී කටයුත්තක් වන බවය. එමෙන්ම අද ශ්‍රී ලනීපයට එහි අපේක්ෂකයා දිනවීම සඳහා ඩලස් ඇමැතිවරයාට තමාගේ ප්‍රකාශයක් හෝ වෙනත් ශ්‍රි ලනිප නායකයකුගේ ප්‍රකාශයක් හෝ ඉදිරිපත් කිරීමට නොහැකි තරමට බංකොලොත් වී ඇති බවද මෙයින් පැහැදිලි වෙන බවද ඔවුන් වැඩිදුරටත් පවසති.

 

 

 

මහින්ද රාජපක්ෂ පවුල් ආණ්ඩුව විසින් පරාජය මුව විට සිට බලය ‍රැක ගැනිම සඳහා ඉතා පහත් නින්දිත ප්‍රචාරක උපක්‍රම භාවිතා කරමින් සිටින බවත්  පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් අත්සන් කරන  ලදැයි කියමින් ව්‍යාජ ගිවිසුමක් ආණ්ඩුව
 
මේ කොල්ලො කෙල්ලො ඉල්ලුවේ  මෛත්‍රී පාලනයක් නොවේ, වමේ විකල්පයක්ද නොවේ..තමන්ට ඉගෙන ගැනීමට ඇති අයිතියය.   නිදහස් අධ්‍යාපනයය.  
 
ඒද ඔවුන් වෙනුවෙන් නොවේ. තම අනාගත පරපුර වෙනුවෙනි....

ඉදිකිරීම්, ඉංජිනේරු සේවා,නිවාස සහ පොදු පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ඇතුලු ආණ්ඩු පක්ෂය නියෝජනය කරන සිව්දෙනෙක් මේ සතිය ඇතුලත විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය පළකරමින් විපක්ෂයට එක්වන බව nowshowing.lk වෙබ් අඩවිය සඳහන් කරයි

පසුගියදා ඕස්ට්‍රේලියාවේ කේන්සර් නගරයේ නිවසක්‌ තුළදී දරුවන් හත්දෙනෙකුගේ හා තවත් අයකු මර දමා ඇතිබව වාර්තා උනා. පොලිස් පරීක්ෂණවලදී හෙළිව ඇත්තේ දරුවන්ගේ මව මෙම ඝාතන සිදුකර ඇති බවයි.

 

උතුරු මැද පළාත් සභාවේ විපක්ෂ නායක කින්ස් විල්සන් මහතා අද දින මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් පෙනී සිටින බව ප්‍රකාශ කළේය.

උපාධිධාරී අභ්‍යාසලාභීන් ලෙස විවිධ තනතුරු නාම යටතේ පාසල්වල සේවය කොට උපාධිධාරී ගුරුවරුන් වශයෙන් ශ්‍රී ලංකා ගුරුසේවයට පත්කිරීමේදී පූර්ණ සේවා කාලය නොසලකා හැරීම පිළිබදව සාකච්ඡාවක් පැවැත්වුනි.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අසල පැවති සරසවි සිසුන්ගේ විරෝධතාවකට මීට සුළු වේලාවකට පෙර පොලීසිය විසින් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල කර තිබේ.

සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අමීර් අලී, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් යන මහත්වරුන් පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පළ කිරීමට තීරණය කර ඇත.

Connet With Us