ඩලස්, තරුණ සේවා සභාව මාතර ගෙනිච්ච හැටි (ඡායාරූප)

Published in පුවත්
Monday, 22 December 2014 21:51

පසුගිය 20 වන දින අප විසින් හෙළි කළ පරිදී ජාතික තරුණ සේවා සභාවේ නිළධාරීන් සේවකයන් හා නේවාසික සිසුන් මාතර ඡන්ද ප්‍රචාරක කටයුතු සඳහා අද දින ‍රැගෙන ගොස් තිබිණි.

මේ එහි ඡායාරූප කිහිපයකි.

 

mathara-youth-2mathara-youth-3

 

සැබැඳි පුවත් :

මාතර පරාදයි, ඩලස් කළබලවේ, තරුණ සේවා සභාවම මාතර !
Saturday, 20 December 2014 08:18


මාතර පරාදයි, ඩලස් කළබලවේ, තරුණ සේවා සභාවම මාතර !


ජනාධිපතිවරණයේදී මාතර දිස්ත්‍රික්කය ජනාධිපතිවරයාට ජය ගැනීමට නොහැකි බවට බුදිධි අංශ විසින් කළ සමීක්ෂණ වාර්තව නිසා එකසත් ජනතා නිදහස් සන්ධනයේ මාතර ප්‍රබලයා වන තරුණ කටයුතු ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා බරපතල ලෙස කළබල වී ඇත.

ඒ අනුව මාතර විශේෂ මැතිවරන ප්‍රචාරක මෙහෙයුක දියත් කිරීම සඳහා ජාතික තරුණ සේවා සභාවේ සියළු සම්පත් නීතීවිරෝධී ලෙස යොදා ගැනීමට මේ වන විට කටයුතු යොදා ඇත. ඒ අනුව එම ආයතන මුදලින් පසුගියදා ආණ්ඩුවට පැමිණි එජාප මහ ලේකම් වත්මන් සෞඛ්‍ය ඇමැති තිස්ස අත්තනායක මහතාගේ නමින් ප්‍රකාශනයක් මුද්‍රණය කර ඇති අතර ඒ ලබන සඳුදා දින මාතර දිස්ත්‍රික්කය පුරා සිටින එජාප පාක්ෂිකයින් ඉලක්ක කර බෙදා හැරීමට කටයුතු යොදා ඇත.

එහෙත් ඒ බෙදා හැරීමට හෝ ජනාධිපතිවරයා වෙනුවෙන් ප්‍රචරක කටයුතු කිරීමටට අවශය පිරිස සොයා ගැනිමට නොහැකි වීමෙන් ජාතික තරුණ සේවා සභාවෙ සේවය කරන සියළු සේවකයක් හා නිළධාරීන් මෙන්ම එහි නේවාසික පාඨමාලා සඳහා සහභාගී වී සිටින තරුණ තරුණියන්ද සඳුදා දින මාතරට කැඳවා ඇත. මේ වෙනුවෙන් ගමනා ගමන මණ්ඩලයේ බස් රථ 50කද මේ වන විටත් වෙන් කර ගෙන තිබේ. එම සේවකයන් හා නිළධාරීන් කැඳවා ඇත්තේ රාජකාරී කටයුතුක් ලෙස වන අතර ඒ වෙනුවෙන් අතිකාල දීමනා බටා ආදියද ගෙවීමට නියමිතය.


මේ සඳහා තරුණ සේවා සභවේ නිළධාරීන්ට අතිකාර දීමනා ආදීයද ලබා දෙන අතර ඔවුන් රාජකාරී සේවයේ නියුත්තන් ලෙස
ජාතික තරුණ සේවා සභාවේ නිළධාරීන් පවසන්නේ මෙය මුළු මනින්ම නීති විරෝධි කටයුත්තක් මෙන්ම බලහත්කාරී කටයුත්තක් වන බවය. එමෙන්ම අද ශ්‍රී ලනීපයට එහි අපේක්ෂකයා දිනවීම සඳහා ඩලස් ඇමැතිවරයාට තමාගේ ප්‍රකාශයක් හෝ වෙනත් ශ්‍රි ලනිප නායකයකුගේ ප්‍රකාශයක් හෝ ඉදිරිපත් කිරීමට නොහැකි තරමට බංකොලොත් වී ඇති බවද මෙයින් පැහැදිලි වෙන බවද ඔවුන් වැඩිදුරටත් පවසති.

 

 

 

Last modified on Monday, 22 December 2014 22:02

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us