News Items (18842)
මෛත්‍රී ගේ කොළොන්නාව පෝස්ටර් කණ්ඩායමට කඩු ප්‍රහාර.
Published in
පුවත්
Monday, 22 December 2014 13:26
දෙසැ. 24 දින වැල්ලම්පිටියේ දී පැවැත්වීමට නියමිත පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ගේ රැස්වීමක් සදහා පොස්ටර් අලවමින් සිටි පිරිසකට පහර දී ඇත.
ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ එළඹෙන ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පළ කිරීමට තීරණය කර තිබේ.
තාරුණ්‍යට හෙටක් යටතේ කළ කී දේවල් සම්බන්ධයෙන් විවෘත සංවාදයකට එන ලෙස සංධානයේ හිටපු ප්‍රාදේශිය සභාපති ප්‍රසන්න සෝලංග ආරච්චි මහතා අද (22) විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදී නාමල් රාජපක්ෂ මහතාට අභියෝග කළේය.
රට පාලනය කරන්නෙ බෞද්ධ දර්ශනයට පටහැනි පාලකයෙක් - මොහාන් රාජ් මඩවල
Published in
කාලීන සංවාද
Monday, 22 December 2014 11:10
මොහාන් රාජ් මඩවල කියන්නෙ දක්ෂ නිවේදකයෙක්, ජනමාධ්‍යවේදියෙක්, කෙටිකතාකරුවෙක් සහ නවකතා රචකයෙක්. මේ ළඟදි දවසක් මට ඔහු මුණ ගැහුණ මොහොතෙ මම ඔහුගෙන් ඇහුවා දැන් මොකද වෙන්නෙ කියල. ඔහු කිව්වෙ ඒක මෙහෙම කියන්න බැහැ.
තරමක් ගැඹුරින් සාකච්ඡා කරන්න ඕන කියල. ඉතිං මම ඔහු සමග රටේ පවතින තත්ත්වය සහ අනාගතය පිළිබඳව කතා කළා. ඇත්තට ම ඒ සාකච්ඡාව අපි දෙන්නට පමණක් නොවෙයි රටේ හැමෝටම වැදගත් කියල හිතුණ නිසාමේ විදියට පළ කරන්න හිතුණා. මතු දැක්වෙන්නේ ඒ සාකච්ඡාවේ සංක්ෂිප්තයක්.
පසුගියදා එස් බී දිසානායක ඇමතිවරයා ප්‍රකාශ කරේ ජනවාරි 8වනදා ජනාධිපති ජයග්‍රහණයෙන් අනතුරුව චන්ද්‍රිකා බණඩාරනායක හිටපු ජනාධිපතිනිය නිරුවත් කර පහරදී පාරේ දුවන්න සැලැස්විය යුතු බවයි.
එසේම මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට විරුද්ධව පසුගියදා පෙරමුණ ගත් පුරවැසි බලය සංවිධානය නියෝජනය කළ සමනලී ෆොන්සේකාට විරුද්ධව ආන්ඩුවේ ඇමැතිවරයකු විසින් පවත්වගෙන යන එක්තරා මඩ වෙබ් මාධ්‍ය ආයතනයක් විසින් මඩ ප්‍රචාරයක් ගෙනගියා.
සාධාරණ මැතිවරණයක් සඳහා ශ්‍රී ලාංකිකයන් ප්‍රංශයේ උද්ඝෝෂණ
Published in
පුවත්
Monday, 22 December 2014 10:26
ප්‍රංශයේ වෙසෙන ශ්‍රී ලාංකික සියළුම දේශපාලන පක්ෂ සහ වෙනත් සංගම් එකතුව ගොඩනගාගෙන තිබෙන "සාධාරණ මැතිවරණයක් සඳහා ශ්‍රී ලාංකික එකමුතුව" මගින් ප්‍රචණ්ඩත්වයෙන් තොර මැතිවරණයක්, රාජ්‍ය දේපළ මැතිවරණයට භාවිතා නොකරනු, නීතිය, සාමය සහ සාධාරණයෙන් යුතු මැතිවරණයක් පවත්වනු යනුවෙන් රජයට බලකරන මහා උද්ඝෝෂණයක් හෙට (23) දින ප්‍රංශයේ පැරිස් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට පැවැත්වීමට කටයුතු යොදා ඇත.
රබර් සදහා සහතික මිලක් නියම කල බව විදුලි සංදේශන හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
කැබිනට් මණ්ඩලයේ සිටියදී රටේ යහපත වෙනුවෙන් කිසිදු විවාදයක් නොකළ ශ්‍රී ලං.නි.ප. හිටපු මහලේකම්වරයා දැන් යහපාලනය හා ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව විවාදයකට පැමිණෙන ලෙසට ජනාධිපතිවරයාට ආරාධනා කළත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී.ලං.නි.ප. භාණ්ඩාගාරික අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේය.
මරදාන ගොඩගේ ප්‍රකාශන ආයතනය මගින් සංවිධානය කරනු ලබන ‘‘ගොඩගේ නවකතා අත්පිටපත් තරගය’ පළමු සම්මාන උළෙල පසුගිය 18 වන දින කොළ 07 නිදහස් මාවතේ පිහිටි ශ්‍රී ලංකා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා ශ්‍රවණාගාරයේ දි පැවැත්විණි.
ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමයට නාමල් රාජපක්ෂගෙන් ලෙඩක්
Published in
පුවත්
Monday, 22 December 2014 08:19
ශ්‍රී ලංකා අධිකරන සේවා සංගමයේ වාර්ෂික මහ සමුළුවේ ආරාධිතයකු ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂක මහින්ද රාජපක්ෂට පමණක් ආරාධනා කිරීම එම ආයතනයේ ස්වාධීනත්වයට හා ගෞරවයට හේතු වන කරුණක් නොවන බව අපේ ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නීතිඥ නාමල් රාජපක්ෂ මහතා නිවේදයයක් නිකුත් කරමින් පවසයි..
