සාධාරණ මැතිවරණයක් සඳහා ශ්‍රී ලාංකිකයන් ප්‍රංශයේ උද්ඝෝෂණ

Published in පුවත්
Monday, 22 December 2014 10:26
ප්‍රංශයේ වෙසෙන ශ්‍රී ලාංකික සියළුම දේශපාලන පක්ෂ සහ වෙනත් සංගම් එකතුව ගොඩනගාගෙන තිබෙන "සාධාරණ මැතිවරණයක් සඳහා ශ්‍රී ලාංකික එකමුතුව" මගින් ප්‍රචණ්ඩත්වයෙන් තොර මැතිවරණයක්, රාජ්‍ය දේපළ මැතිවරණයට භාවිතා නොකරනු, නීතිය, සාමය සහ සාධාරණයෙන් යුතු මැතිවරණයක් පවත්වනු යනුවෙන් රජයට බලකරන මහා උද්ඝෝෂණයක් හෙට (23) දින ප්‍රංශයේ පැරිස් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට පැවැත්වීමට කටයුතු යොදා ඇත.
 
ජනාධිපතිවරණයට පොදු අපේක්ෂක ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් වූ මොහොතේ ඊට තම සහයෝගය පළකරමින් රතිඥ්ඥා පත්තුකළ එජාප හිටපු බේරුවල ප්‍රාදේශීය සභා මන්ත්‍රී චමිල රණසිංහ මහතාට බේරුවලදී මෝටර් රියකින් පැමිණ වෙඩිතබා පලායමින් ආරම්භ කළ දේශපාලන මැර ක්‍රියා මේ වනවිට කොතරම් උග්‍ර ලෙස සිදුවන්නේද යත් දිනපතා අසන්නට දකින්නට ලැබන දෙයින් පැහැදිලිවේ. එය අදදින වනවිට මහදවාලේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මැතිවරණ වේදිකා ගිනිතබන තත්වයට පත්ව ඇත.
 
මෙය හුදෙක්ම සියලු අවස්ථාවන්හි රටවෙනුවෙන් පෙනීසිටි ප්‍රංශයේ ශ්‍රී ලාංකිකයන්ගේ හඬක් මිස කිසිම ආකාරයකින් රටට ජාත්‍යන්තරව අගෞරවයක් වන ලෙස පවත්වන ක්‍රියාකාරකමක් නොවන බව එහි සංවිධායක කමිටුව අවධාරණයෙන් කියා සිටී. මේ උද්ඝෝෂණයට නිසි පිළිතුරක් නොලැබුණහොත් ඉදිරියේදී යුරෝපයේ වෙනත් රටවලද මෙවැනිම උද්ඝෝෂණ පවත්වන බව එහි සංවිධායකවරුන් තවදුරටත් කියා සිටී...
 
එම්.අජිත් පෙරේරා පැරිසියේ සිට

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us