බැසිල් රාජපක්ෂට මාධ්‍ය වාරණයක් ! පිණුමකට සැරසෙන ලකුණු ? Featured

Published in පුවත්
Sunday, 21 December 2014 12:17
ආර්ථික සංවර්ධන ඇමැති ජනාධිපති සොයුරු බැසිල් රාජපක්ෂ මහතාගේ රුව සහ ඔහු සම්බන්ධ පුවත් විකාශයන්  අවම කරන ලෙස රාජ්‍ය මාධ්‍යන්ට හා රාජපක්ෂ පවුලේ හිතවත් මාධ්‍ය ආයතනයන්ට  රෙජීමයේ ඉහළම තැනකින් නියෝගයක් ලැබී තිබේ. මේ නෞව අද දින සිට බැසිල් රාජපක්ෂව රූපවාහිනී නාලිකා හා පුවත්පත්වලින් දැකිම අසීරු වනු ඇත.
 
කෙසේ නමුත් බැසිල් රාජපක්ෂ මහතා  මේ දිනවල සිය නිවසට වී සිටින බවට මාධ්‍ය වාර්තා පලවිය. ඔහුගේ නිවස පිහිටියේ අමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේය.
 
එමෙන්ම පසුගිය දින කිහිපයේ වෙබ් අඩවි කිහිපයක්ම වාර්තා කර සිටියේ  බැසිල් රාජපක්ෂ මහතාව ජනාධිපතිවරණ මෙහෙයුම් කටයුතු වලින් ඉවත් කර ඇති බවය.   ඒ අතර පසුගියදා චම්පික රනවක මහතා විසින් රචිත ආලාපාළු ආර්ථිකයක් නම් කෘතිය දොරට  වැඩීමේ උත්සවය සඳහා  ජනාඪිපතිගේ එක්කුස උපන් සහොදරියකගේ සැමියා වන වෛද්‍ය ලලිත් චන්ද්‍රදාස මහතාද ඊට සහභාගී වී සිටිනු දකින්නට ලැබිණි.
 
එමෙන්ම චම්පික රණවක මහතාද පසුගියදා පවසා තිබුණේ බැසිල් රාජපක්ෂගේ සහයත් මෛත්‍රීපාලනයක් වෙනුවෙන් ලැබෙනු ඇති බවය
Last modified on Sunday, 21 December 2014 12:20

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us