බලය, ධනය හා කාමය පිළිබඳ අටලෝදහම පසක් කරවන ශේක්ෂ්පියර්ගේ නාටකයන් මෙතරම් අදාලවූ කාලපරිච්ඡ්දයක් මෙතුවක් ඉංග්‍රීසීන් ශේක්ෂ්පියර් හඳුන්වාදුන්දා සිට අපරටේ මෑත ඉතිහාසය තුළ තිබී නැත. සැබැවින්ම බුදුදුහමට අනුව ශේක්ෂ්පියර් විග්‍රහ කිරීමටය මකු යන්නේ නම් ඒ පුදුමයක් නොවේ. තම බලය ගිලිහීයන විට කලිගුලා හෝ මැක්බත් හැසිරුණු ආකාරයේ ශාරීරික භාෂණයන් දකුණු ඉන්දියානු අධි නාටකීයත්වයෙන්ද තුට්ටු දෙකටම වැටීපෙන්නුම් කෙරේ.
චීන ජනකතාවකට අනුව වරක් එක් දේශයකට ව්‍යසනයක් පැමිණියේය. ඒ රාක්ෂයෙකි. බොහෝ මිනිසුන් ඌට බිලි විය. අවසානයේ එක් වීරයෙක් පැමිණියේය. ඔහු පැමිණ මෙලෙස බියෙන් මිරිකී සිටිනුයේ කුමක් නිසා දැයි පිළි විසීය. එකල මිනිසුන් කාරණය සැල කළේය. මේ වීරයා ගොස් රකුසා මරා දැමුවේය. මිනිසුන් පස්වනක් ප්‍රීතියෙන් උදම්ව ඔහුව රජු බවට පත්කර ගත්හ.
මෙසේ කාලය ගත වෙද්දී යළිත් තවත් ව්‍යසනයක් පැමිණියේය. ඒ මකරෙකි. උහු ගම්බිම් වනසන්නට විය. ගැහැණුන්, මිනිසුන්, ළමුන් ගිල දමන්නට විය. මිනිසුන් පෙර පරිදිම බියෙන් කල්ගෙවුවේය. එවිට රජුවන වීරයා ජනයාගෙන් ඒ කවරක් නිසාදැය ිපිළිවිසීය. එවිට ජනයා කාරණයසැල කළෝය. එකල්හි පෙරට ගිය වීරයා මකරා මරාදේශය උහුගෙන් ගලවා ගත්තේය.
මෙසේ කාලය තවත් ගෙවී ගියේය. යළිදු මිනිසුන් බියෙන් කල්ගෙවන බව රජුට පෙණිනි. යළිත් ව්‍යසනයක් පැමිණි ඇතිබැව් රජුට සහතිකවිය. එහෙත් මිනිසුන් බියෙන් පසුපසට ගියා මිස කාරණය කීවේනැත. තෙවැනි ව්‍යසනය කුමක්දැයි අවසානයේ රජු ඇසුවේය. එකල්හි ජනයා කිසිත් නොකියා බියෙන් තව තවත් හැකිලූනහ. යළිත් විමසූ කල්හිද එසේමය. අවසානයේදී කුඩා දරුවෙක් ඉදිරියට පැමිණ මෙසේ කීවේය.
‘තුන්වෙනි ව්‍යසනය තමයි....ඔබ....’
මේ පැමිණ ඇත්තේ ඒ කුඩා දරුවාගේ වාරයයි.
එහෙත් මෙහි නම් වර වර ළඟට කැන්දා, දුක්සැප අසන මෙන් එසේ අසනා රජුන් නැති බව නොකිවමනාය. එසේම එවන් කුඩා දරුවන්ද මෙහි ආශ්චර්්‍යයකි. නමුත් පුදුමය ඒ ආශ්චර්්‍යය සිදුවෙමින් යන සැටියකි.
කෙසේ වෙතා මේ තෙවන ව්‍යසනයෙන් රට ගලවා ගන්නටඑන වීරයා මෙසේවනු නැතිදැයි සැවොම අසති. වීරයන් ගැන විශ්වාස කරන ජාතිය නොවැඩුණු ජාතියක්ය යන බර්ටෝල්ට් බ්‍රෙක්ට්ගේ ප්‍රකාශය මෙහිදී සිහිපත්වේ.
බොරීස් පැස්ටර්නැක්ගේ ඩොක්ටර් ෂිවාගෝ නවකතාවේ සාර් පන්නා දැමූපසු ඒ නිවේදනය කරන්නට එන රතු හමුදාවේ සෙබලාගෙන් වයසක සීයා කෙනෙක් මෙසේ අසයි.
‘එතකොට කවුද ඊළඟට ආපු සාර්?’
මෙය එක් අතකින් ගැමියන් ගේ අණුවනකම ලෙස මතුපිටින් ගත හැකිදු එය ඊට එහා ගිය ප්‍රඥාවක් ප්‍රකාශකරන්නා වූ ප්‍රශ්නයකි.
සියළු ජාතිකවාදීන්ගේ නොමද වෛරයට පාත්‍ර වූ නෝර්වේහි පසුගිය වසරේ සිරගෙවල් 29ක් වසාදමනු ලැබිණි. ඒ අපරාධකරුවන් නොමැති බැවින් ඒ පවත්වාගෙන යාමේ අවශ්‍යතාවක් නොමැති බැවිනි. මේ ලබ්බට සියලූ කුමන්ත්‍රණ දියත්කරන රටක හැටි එයය.
නෝර්වේ දේශය යුරෝපීය රටවල් අතරින් වැඩවසම් ක්‍රමයක් පසුනොකළ එකමරටයි. එයටහේතු වූයේ වංශධූරාවලීන් විපරිනාමනය වෙමින් තිබියදී රජකමට උරුමකම් කියන සියළු දෙනා හදිසියේ ආ වසංගතයකින් එරට බොහෝ වැසියන් සමගම මියයාමය. වැඩවසම්භාව නැමැති හූනියම නොමැති හෙයින් එය ධනේශ්වර ක්‍රමයක ලබත හැකි වඩාත්ම නිදහස්කාමී ප්‍රජාතාන්ත්‍රීය දේශය බවට පත්විය. වැඩවසම්භාවයට බොක්කෙන්ම ප්‍රේමකරන, සර්වාංගයේම වැඩවසම්බව බේරෙන මෙහි දීන යටත්වැසියන්ට නෝර්වේ වැනි රටක් සිහිනෙන්වත් වටහා ගත නොහැකි බව ඇත්තකි.
කෙසේහෝ රජුන් එලවිය යුතුය. රජුන් යනු මේ එලවන්නට සටන්කරන රජු පමණක් හෝ රජපවුල පමණක් නොවේ. සියළු යටත් වැසියෙක් තුළම සිටිනා රජුන්දඑලවිය යුතුමය. එය ලෙහෙසිකාරියක් නොවේ. එහෙත් එවන් ක්ෂුද්‍ර දේශපාලනයන් ගැනකියමින්, සමාජවාදී හෝවෙනත් පරමාදර්ශ ගැන කියමින් නිර්ධන පංතිය පෙළ ගැසෙනතෙක් හෝ සමස්ත ක්‍රමයේ වෙනසක් සිදුවන තෙක්,මේ චීනයට එරෙහි ඇමරිකානු කුමන්ත්‍රණයකැයි කියමින් කල්ගෙවිය නොහැක.
මන්දගෙය ගිනි ගනියි.
සියළු නිවසක් තුළටම, සියළු ආත්මයක් තුළටම,සෑම මිනිස් සම්බන්ධතාවක් තුළටම ඇතුළු වූ මේ රාජරාක්ෂයා පිල්ලියක් මෙන් අපේ මිතුරන් වෙනස්කරනා සැටි අපිදිටිමු. අපේ බිරින්දන් වෙනස් කරනා සැටි අපි දිටිමු. අපේ පෙම්වතියන් වෙනස්කරනා සැටි අපදිටිමු. වෙනස් විදිහට ලෝකය දුටු,වෙනස් විදිහට ලෝකය දැණුනු බොහෝ දෙනෙක් මේ රාජරාක්ෂ පිල්ලියට ගොදුරුවනු අපි කටේ පිට්ටු හිරවූවන්සේ බලා සිටියෙමු. සියළු විකල්ප අසම්මත ආත්ම තුළට රිංගන්නට මාන බලමින් සිටින මේ පිල්ලිය කරළියට එද්දී අපි මුකවාඩම් බැඳ ගත් වුන්සේ පසු වූයෙමු. මන්ද අපේම මිතුරන් අතින් ගුටි කාමැරෙන්නට 2005දී අපට සිදුවන්නට තිබුණු බැවිනි. 94දීද අපේ ඉරණම ඒමවිය.
එහෙත් පුද්ගලයකු වෙනුවට ක්‍රමයක් වෙනුවෙන් වෙනසක් ඇතිවිය යුතු බැව් පැහැදිළිය. නායකයින්වත්,පක්ෂවත්, හවුල්වත් ප්‍රතිපත්තිවත් නොව ඒ ප්‍රතිපත්ති සංයුක්ත කරගත් ක්‍රමයක් කෙරේ එළඹියයුතු කාලය එළඹ ඇත. එය ධනේශ්වර ක්‍රමය වෙනස්කිරීම දක්වා ගොඩෝ එනකන් කල්දමන්නට සදන්නේනම් කියන්නට ඇත්තේ නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත්පට්ටයකුත් තව ටිකක් ඕනෑබවය. සෙවීමට අපහසු හත් පට්ටයත් නොව මේටිකමය.
නව ලිබරල්වාදය හෝ පාරිභෝගික සංස්කෘතිය ගැන,විවෘත ආර්ථිකය ගැන විවිධ කතාන්දර ඇද බාමින්පොතේ ගුරුවාදීන් ලෙස කාලය කා දමන්නට යමෙකුට අයිතිය ඇත. එහෙත් අඩු තරමින් විධායකය අහෝසිකිරීම, කොමිෂන් සභා ක්‍රියාත්මක කිරීම, අධිකරණය බල ගැන්වීම මගින් අඩු තරමින් විවිධ අදහස්, මතවාද සංස්කෘතීන්ට, අදහස් ප්‍රකාශ කිරීමට, සිතීමට හෝ ජීවත්වීමට වන අවකාශය පුළුල් කරන බව වටහා නොගන්නකුගේ කවරහෝ විරෝධයක් නැතිනම් පරමාදර්ශ වඳ පීදුණුකෙසෙල් ගසක්වීම වළකනු නොහැක. එවන් පණ්ඩිතයන් දාර්ශනිකයන් ලෙස දිවිගෙවන්නේ නම් ගැටළුවක්නැත. ඒ වෙනුවට තම පරමාදර්ශ හැම සාමාන්‍ය සිද්ධියක දීම සටන් පාඨසේ ගෙනවිත් විහිළු කාරයන් බවට පත්වෙයි.
බොහෝ මිතුරන් මීට පෙර දෙවතාවක්ම කඬේ යනු අප දැක ඇත්තෙමු. මෙවරද ඔවුන් ඒ යුතුකම ඉටුකරයි. ඇතැමුන් තමන් විසිවූ විවිධ හේතු නිසාද, ඇතැමුන් අවංකවම තම ප්‍රතිපත්ති මත සිටද එසේ කරති. මෛත්‍රී හෝ කවුරු හෝමේ කාර්්‍යයට කවුරුන් හෝ ඉදිරියට දමා ගත්තාට ගැටලූවක් නම් නැත.ඉඟුරු දී මිරිස් ගැනීමක්යැයි සර්ව අශූභවාදීව කවුරු ආවත් කාට හෝ කියන්නට පුලූවන. ඇත්තේ පුද්ගලයකු වෙනුවට ක්‍රමයක් බල ගැන්වීමය. පුද්ගලයා යන්නේ මෙවන්ම දිසාවකට නම් ඊට එරෙහිවීමය. එවන් එරෙහිවීමකට අවකාශය අවුරාදමන විධායකය නැතිකර දැමීමය. එවන් දිසාවකට යාහැකි ක්‍රමය වෙනස් කිරීමය. එය ධනේශ්වර ක්‍රමය වෙනස් නොකරන බව සැබෑය. ලංකාවේ ඔය කියන කියන සමාජවාදය ඇතිවුවත් එය මෙතෙක් අත්නුදුටු මට මේ පසුගාමීම සමාජවාදයක් වනබැව් මටනම් සහතිකය.
මෛත්‍රී නොව කාල්මාක්ස්, ලෙනින්, කස්ත්‍රෝ වුව නටන්නේ මේ ජවුසමම නම් ඊට එරෙහිවිය යුතුය. කාරණය මෙවන් ජවුසං නටන්නට අවකාශය නැති කිරීමය. කන්දක් නාය යද්දී නාය යාමට හේතු ගැන කතා කරමින් සිටීම විහිළුවකි. එවන් දාර්ශනිකයන්ගෙන් කිසිවකුට වැඩක් නැත. අඩු ගණනේඋන් ඒ ව්‍යසනයෙන්බේරෙන්ට හා අනෙකුන් ගලවා ගන්නට තැත් කරනවුන්ගේ ඇද හොයන්නේවත් නැතිව සිටී නම් යහපති.
මිනිසකුට කෙතරම්දුරට කටුවක් තුළ ජීවත්විය හැකිද යන්න සාධනය කරන,මෙතෙක් ඉතිහාසය පුරාදිනා ගන්නා ලද සියල්ල අරුත්සුන් බවට පත්වූ, මෙතෙක් මිනිසුන් විශ්වාස කළ සියල්ල විහිළු බවටපත් කළ,වචනවල අරුත්සියල්ල වාෂ්ප වී ගිය,සියළු ධර්මයන් විසූකයන් බවටපත් යුගයක් තුළ අපි දිවිගෙවමු. සැබැවින්ම මෙය අබුද්දස්ස යුගයකි.
බුදුන් පහළ වෙතැයි අප බලාපොරොත්තු විය නොයුතු බව සැබෑය. එහෙත් මේසත්ව පාලනය අවසන් විය යුතුය.
මේ රාජරාක්ෂ කෝලම අවසන් කළ යුතුමය.
කේ.කේ. සමන් කුමාර