දැන් අරලිය ගහ මන්දිරයදී පවත්වාගෙන යන දන්සල් හා සාකච්ඡාවන්ද එදාත් තිබුණි. එහි පළමු දන්සල ලබාදුන්නේ රටා පුරා සිටින මාධ්‍යවේදීන්ටයෙ, එයට මාධ්‍යවේදීන් සියළු දෙනාවම කැඳවා තිබුණි. අග නුවර සිටින මාධ්‍ය ආයතනවල ප්‍රධානීන්වද ඇරයුම් කර තිබුණි. මමද එහි ගොස් සිටියෙමි. එහිදී මහින්ද රාජපක්‍ෂගේ එදා මිතුරන්වූ මංගල සමරවීර හා ශ්‍රීපති සූරියාරච්චිය යන පිරිස වෙහස මහන්සිවී ක්‍රියා කරමින් සිටීමද අද සිහිපත් කරන්නෙමි.
ජාතිය බේරා ගැනීමේ නායකයා ලෙස ඉදිරිපත් කළ මහින්දගේ පවුල් ආණ්ඩුවේ ව්‍යසනය දරාගත නොහැකිව එදා ඔහුගේ මිතුරන්වූ මංගල සමරවීර හා ශ්‍රීපතිද ආරම්භයදීම මහින්දගෙන් ඉවත්වුණි. රාජපක්‍ෂ පවුල යුද ජයග්‍රහණය තම සතුකර එහි පලදාව මුළුමනින්ම භුක්ති විදීමට පටන් ගැනීමෙන් අනතුරුව ඔහු වටා සිටි අනෙකුත් කොටස්කරුවන්ද ක්‍රමක් ක්‍රමයෙන් ඉවත්වුණි. ඉවත්වී යෑමට නොහැකිවූවන් නිහඞවුණි.
නමුත් පවුල් පාලනය, ඒකාධිපති පාලනය රඳා පවත්වාගෙන යෑමට තැත් කළ පුද්ගලයන් දිගටම පාලනයේ සිටි බවට ඉතිහාසයක් නැත. යුද ජයග්‍රහණයෙන් අනතුරුව ජනතා විමුක්ති පෙරමුණද මහින්ද ආණ්ඩුව සමඟ පවත්වාගෙන ගිය සම්බන්‍ධකම අත්හිටුවා ගත්තේය. තම පක්‍ෂයේ නායිකාව ඉවත්කර ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය තම යටතට ගත් මහින්ද රාජපක්‍ෂ අනෙකුත් පක්‍ෂයන්ද මුදල්, තනතුරු, වරප්‍රසාද ලබාදී කුඩුපට්ටම් කර දැමුවේය.
මුස්ලිම් කොංග්‍රසය කණ්ඩායම් ගණනාවකට කැඩුවේය, ජනතා විමුක්ති පෙරමුණ කොටස් තුනකට කැඩුවේය, කඳුකර පක්‍ෂයන් කුඩා කණ්ඩායම් රැසකට බෙදුවේය, එක්සත් ජාතික පක්‍ෂයෙන් මන්ත්‍රීවරුන් 67 දෙනෙකුව මුදලට ගත්තේය. පාර්ලිමෙන්තුවදී තුනෙන් දෙකක බහුතර බලයක් ඇතිකර ප්‍රජාතාන්ත්‍රික සම්ප්‍රදායන් සියල්ල තුරන් කරන නීති සංශෝධන ගෙන ඒමතුලින් ඒක පුද්ගල ඒකාධිපති පාලනය සිය පවුලේ සහයෝගය මත ස්ථාපිත කළේය. අම්පාර පියසේනව හැර දෙමළ ජාතික සන්ධානය පමණක් කඩා වෙන්කිරීමට නොහැකිව විශ්මයට පත්වුයේය.
නමුත් මෙතරම් වීර ක්‍රියාවන් සිඳුකළ නොසෙලවිය හැකි යකඩ මිනිසා යන අහංකාරය බිඳ දමා රාජපක්‍ෂ ආධිපත්තිය කම්පාවට පත් කළේ චන්ද්‍රිකා, මෛත්‍රී, මංගල හවුලය... පසුගිය වසර 9කදී මන්ත්‍රීවරුන් පැන්නේ විපක්‍ෂයේ සිට ආණ්ඩු පක්‍ෂයටය... නමුත් අදට පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් 14 දෙනෙකු හා පළාත් සභා මන්ත්‍රීවරුන් 50කට අධික පිරිසක් ආණ්ඩු පක්‍ෂයේ සිට මහින්ද රාජපක්‍ෂට එරෙහි විපක්‍ෂයට නිර්භීතව එක්ව තිබේ. මහින්ද රාජපක්‍ෂ මෙය සිහිනෙන්වත් නොසිතූ දෙයක් වියහැක. “ඊයේ දින රෑ මා සමඟ ආප්ප කාල ගිය මෛත්‍රී උදේ මට විරුද්ධව චන්ද්‍රිකාගේ කණ්ඩායමට පැනලා“ යන කම්පනයෙන් මිදීමට මහින්ද රාජපක්‍ෂ ගත්තේ ටික කාලයකි.
රටේ බුද්ධිමතුන්, දේශපාලනික ශිෂ්ටසම්පන්න පුද්ගලයන්, සරසවි පාර්ශවය, නීතීඥවරුන්, මාධ්‍ය ආයතන, කම්කරු සංගම්, මාධ්‍ය සංවිධාන, හිටපු රාජතාන්ත්‍රිකයන්, බටහිර රටවල් වැනි සියළු පාර්ශිකයන්ම එක් පවුලක දූෂණයෙන් පිරී ඒකාධිපති පාලනයකට එරෙහිව එක්රැස්වී තිබේ.
වත්මන් ආණ්ඩුව සමඟ කැමත්තෙන් හෝ අකමැත්තෙන් සිටින කඳුකර හා මුස්ලිම් නායකයන් කිහිප දෙනෙකුව හැර ජාතීන් දෙකටම අයත් ජනතාවගේ මානසිකත්වයද විපක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේනව බලයට පත්කිරීම කෙරෙහි තිබේ...
මුළු රටම ආණ්ඩු වෙනසක් අවශ්‍ය යැයි ඉදිරියට ඇවිත් සිටින අවස්ථාවක නැවැත උතුර නැගෙනහිර දෙමළ ජනතාව මැතිවරණය වර්ජනය කළ යුතු යන පාඨකයක් තැනින් තැන මතුවී තිබේ. සෑම පක්‍ෂයකටම පුද්ගලයකුටම තම අදහස ප්‍රසිද්ධ කිරීමට අයිතියක් තිබේ.
නමුත් ඉතිහාසය ලබාදුන් අත්දැකීම ගැන මදක් අතීතයට ගොස් බැලිය යුතුයි... 2005දී මහින්ද රාජපක්‍ෂව පාලනයට පත්කළ ජනතා විමුක්ති පෙරමුණ - හෙළ උරුමය - මංගල සමරවීර වැනි පිරිස දැන් එහි ප්‍රතිවිපාකයන් මුළුමනින්ම විඳගෙන තිබේ.
ඒ අතර අනිත් පැත්තෙන් උතුර නැගෙනහිර පළාත්වල මැතිවරණය වර්ජනය කිරීමෙන්, විනාශ කර දැමීමට නොහැකි ඉතා ශක්ති සම්පන්න සංවිධානයක් යැයි පවසාගෙන සිටි - රටේ ආණ්ඩුවම හොල්ලන සංවිධානයක් යැයි ලොවම සිතාගෙන සිටි කොටි සංවිධානයද මහින්ද රාජපක්‍ෂ පාලනයට පැමිණ වසර හතරකින් තුරන් කර දැමුවේය. දශක තුනක කාලයක් මුළු ලොවටම භීති සහගත තත්වයක් පෙන්වූ දැවැන්ත සංවිධානයක් ඇස් ඉදිරියදීම විනාශවුණි.
නැවැත 2005 කරා අතීතයට යන්නෙමි... කොළඹ ලෝක ආර්ථික මධ්‍යස්ථානයේ 35වැනි මහලේ සිට වන්නියේ කේන්ද්‍රස්ථානයවූ කිලිනොච්චියදී පිහිටි කොටි සංවිධානයේ හිටපු දේශපාලනික අංශ ප්‍රධානි තමිල් සෙල්වම්ගේ කාර්‍යාලය සමඟ අවස්ථා රැසකදී දුරකථනය මඟින් කථා කර තිබීම ගැන මෙහිදී සිහිපත් කරන්නෙමි.
ජනාධිපතිවරණය වර්ජනය කිරීමෙන් ඇති වියහැකි ප්‍රති විපාකයන් ගැන ප්‍රබලයන් බොහෝ දෙනෙකු සමඟ අවස්ථා රැසකදී සාකච්ඡා කළෙමි. කොටි සංවිධානයේ බුද්ධි අංශයෙහි සිටි කිහිප දෙනෙකු සමඟද එය ගැන සාකච්ඡා කර තිබුණෙමි. එලෙස කථා කළ බොහෝ දෙනෙකු දැන් ජීවතුන් අතර නොමැත. බොහෝ දෙනෙකුට සිඳුවුයේ කුමක්දැයි නොදන්නා අතර දැනට ජීවතුන් අතර සිටින්නේ කොටි සංවිධානයේ හිටපු මාධ්‍ය ප්‍රකාශ දයා මාස්ටර් පමණි.
ඔහුද එවිට පවසා සිටියේ, මැතිවරණය වර්ජනය කරන බවට ඉහළ මට්ටමින් තීරණය කරලා ඉවරයි... එහි කිසිම වෙනසක් නැහැ... මෙම වර්ජනය මඟින් රනිල් වික්‍රමසිංහව පරාජය කිරීම කොටි සංවිධානයේ රාජතාන්ත්‍රික ඉලක්කයක් බව ඔහු පැවැසීය.
දිවංගත කඳුකර ජනතා පෙරමුණයෙහි නායකයාවූ අමාත්‍ය පෙරියසාමි චන්ද්‍රසේකරන්ද මගේ සමීපතම මිතුරකි... ඔහු කිලිනොච්චියට ගොස් කොටි සංවිධානයේ දේශපාලනික අංශ ප්‍රධානීන් සමඟ සාකච්ඡා කර මෙම මැතිවරණ වර්ජනය අත්හැරින්නයි ඉල්ලා සිටීමටද බලාපොරොත්තුවෙන් සිටියේය. උදේ සිට සවස දක්වා රැඳී සිටි චන්ද්‍රසේකරන්ව ප්‍රධාන නායකයක් කිසිවකු හමු නොවූ අතර පහළ මට්ටමේ නායකයන් පැමිණ මැතිවරණය වර්ජනය කිරීමේ තීරණයෙහි වෙනසක් නොමැති බවත්, ඉහළ නායකයන්ව හමුවීමට නොහැකි දුරින් ඔවුන් සිටින බවත් පවසා තිබුණි. මෙමඟින් කොටි සංවිධානයට විශාල ලෙස උපකාර කළ පසු කාලයදී එයට බොහෝ දුක්කරදවලටද මුහුණ දුන් චන්ද්‍රසේකරන් දැඩි සිත් වේදනාවකින් යුතුව මා සමඟ කථා කර තිබුණි. ඔහුගේ මරණය පවා රනිල්ගේ පරාජය සහ එමඟින් ඇතිවූ මානසික පීඩනය, මහින්ද සහෝදරවරුන්ගේ දැඩි බලපෑම් මත සිඳුවූ දෙයක් බව මා හොඳින් දැන සිටින්නෙමි..
මෙම වර්ජනය ගැන මගේ දයාබර මිතුරකු වන මනෝ ගනේසන් ඇතුළු බොහෝ දෙනෙකු තම දැඩි සිත් වේදනාවද මා සමඟ බේදාගෙන තිබුණි. මුස්ලිම් කොංග්‍රසය ඇතුළු කඳුකර පක්‍ෂයන්ද එවිට රනිල් වික්‍රමසිංහට සහයෝගය ලබා දෙමින් සිටියේය. කොටි සංවිධානය ගත් මැතිවරණය වර්ජනය කිරීමේ තීරණය නිසා පරාජයට පත්වූ රනිල් වික්‍රමසිංහ සමඟ සිටි මනෝ ගනේසන් හැර අනෙකුත් දෙමළ, මුස්ලිම් පක්‍ෂයන් ඇතුළු සියළු දෙනාම කලකින් පසු මහින්ද සහෝදරවරුන්ගේ බලපෑම් හමුවේ වෙනත් මඟක් නොමැතිව මහින්ද සමඟ එක්වුණි.
මෙම මැතිවරණ වර්ජනය ගැන, යුද්දය දරුණුවී මම පැහැරගෙන යෑමට ලක්වීමෙන් අනතුරුව ටික කලක් යුරෝපයේ සිටි කාලයදී ජාත්‍යන්තර රටවල් හරහා සාම සාකච්ඡාවල රාජතාන්ත්‍රික කටයුතුවල යෙදී සිටි රාජතාන්ත්‍රිකයන් කිහිප දෙනෙකු සමඟ සාකච්ඡා කිරීමේ අවස්ථාවක් ලැබුණි.
එහිදී ඔවුන් පවසා සිටියා... මෙම දැඩි මතවාදී පුද්ගලයාව පාලනයට ගෙන ආවේ දෙමළ ජනතාවමය.. ව්‍යාකූල තිබූ සාම සාකච්ඡාව ඉදිරියට පවත්වාගෙන යෑමටත් සුළු වශයෙන් හෝ ප්‍රජාතාන්ත්‍රික රාමුවක්තුල කටයුතු කරන රනිල් වික්‍රමසිංහ පාලනයට පැමිණෙනු ඇතයි බලාපොරොත්තුවුයෙමු. නමුත් කොටි සංවිධානය ජනතාවගේ ජන්ද අයිතිය මර්ධනය කළේය. ජාත්‍යන්තරය එය දැඩි ලෙස හෙලා දැකිනවා. කොටි සංවිධානය සමඟවූ යුද්දයදී අහිංසක දෙමළ ජනතාව පොකුරු පිටින් මිය යෑම වේදනාකාරි තත්වයක් නමුත් මෙය වලකාගත නොහැකි බවට වටින් පිටින් කොටින්ගේ විනාශය වැලක්විය නොහැක යන කාරණාව පවසා සිටියෝය.
එදා ජාත්‍යන්තර දේශපාලනය නිසියාකාරව නිගමනය නොකිරීමේ විපාකය - විශේෂයෙන් නෝර්වේ රජයෙහි තුන්වැනි පාර්ශවයක මැදිහත්වීමක් සහිත සාකච්ඡාව ඉන්දියාව මුළුමනින්ම ප්‍රතික්‍ෂේප කර තිබුණි... එයද නොතක රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව බටහිරයේ සහයෝගය මත සාකච්ඡාවන් පැවැත්වීම, එම නිසා රනිල්ව පරාජය කිරීමට සෝනියා ගාන්ධිගේ නායකත්වයෙන් යුතු කොංග්‍රස් රජයද ඉදිරිපත්ව සිටි අතර බටහිර රටවල් සමඟ විරෝධයෙන් කටයුතු කරන චීනය වැනි රටවල්ද රනිල්ගේ පරාජය කෙරෙහි දැඩි කැමැත්තකින් සිටියෝය. එමඟින් මහින්ද රාජපක්‍ෂව බලයට ගෙන ඒමතුලින් තම බටහිර හා කොටි විරෝධි ස්ථාවරයෙන් ජයග්‍රහණය කළේය.
එදා නේපාලයෙහි මාවොයිස්ට් කැරළිකරුවන් පූර්ව අනාදැනුමෙන් ගත් තීරණය මෙන් රාජතාන්ත්‍රික කටයුත්තක් සිඳුකර තිබුණේ නම් තත්වය වෙනස්වී තිබිය හැක.
මේ අතර, රනිල් බලයට පත්වුයේ නම් කොටි සංවිධානය විනාශ නොකර, සාමය ඇතිකිරීමට ඉඩකඩ තිබිය හැකි යැයි පැවැසුවේ නැහැ... නමුත් කොටින්ව තුරන් කිරීමේ ක්‍රිමවේදය නියත වශයෙන්ම වෙනත් ආකාරයකින් තිබේ. කොටි සංවිධානයට තීරණය ගැනීමටත් ඉදිරි ක්‍රියා කටයුතු ගැන සැලසුම් කිරීමටත් අවම වශයෙන් කල් අවකාශයක් ලැබෙනු ඇත. ආත්මාරක්‍ෂාව සඳහාවූ පරිසරයක් ඇතිකර ගැනීමට තිබුණි. තවද මුල්ලිවායිකාල් වැනි ඛෙදවාචකයකට අහිංසක දෙමළ ජනතාව කොටු නොවී සිටිනු ඇත. මහින්දව හැර පෙර සිටි පාලකයන්ගේ කාල වකවානුවල ජනතාව මුහුණදුන් හානියක් වැනි අලාභයක් සිඳුව තිබේ.
හරි, විමර්ශණවලට එපිට එදා ජනාධිපති මැතිවරණය වර්ජනය කිරීමට කොටි සංවිධානය ගත් තීරණයදී ඔවුන්ට පරිපාලන ප්‍රදේශයක් තිබුණි, ඔවුන් යටතේ වෙනම පරිපාලනයක් තිබුණි, පරිපාලන පාලනයක් එය යටතේ ඔවුන්ගේ අණට සවන් දෙන ජනතාවක්ද තිබුණි, ඩීල් ගනු දෙනුවක් සඳහා බලයක් ශක්තියක්ද තිබුණි, එමඟින් මහින්ද රාජපක්‍ෂ සමඟ සාකච්ඡාද පවත්වා ඩීල් දැමුවේය.
නමුත් අද දෙමළ ජනතාව, කර කියා ගත නොහැකි අසරණ තත්වයක සිටියි, දරුණු මතවාදී ස්ථාවරයක නොසිටින, දෙමළ ජාතික සන්ධානය විසින් ප්‍රජාතාත්ත්‍රිකව පාලය අත්පත් කළ උතුරු පළාත් සභාවද නිසියාකාරව පවත්වාගෙන යෑමට නොහැකි අයුරින් මහින්ද ආණ්ඩුව විසින් එය මර්ධනය කරමින් සිටියි.... එම පළාතයෙහි මහ ඇමැති ලෙස තේරීපත්වූ දශක පහකට අධික කාලයක් සිංහල දේශයෙහි සියල්ල පිළිගෙන කටයුතු කළ මහ අධිකරණ විනිසුරුවරයකු සමඟද එක්වී කටයුතු කිරීමට නොහැකි මහින්ද පාලනය යටතේ ජනතාව පීඩාවට පත්වී සිටිති.
ඉතුරුවී තිබෙන අමුඩෙත් ගලවා ගන්නේ නැතුව අත්හැරින්නේ නැහැ යන ස්ථීර අධිෂ්ඨානයෙන් සිටින මහින්ද රාජපක්‍ෂ සමාගමෙන් අඩු වශයෙන් තම අමුඩෙවත් බේරාගත යුතු අසරණ තත්වයක දෙමළ ජනතාව අද සිටිති.
එම ජනතාව වෙත ගොස් මැතිවරණය වර්ජනය කරන්නයි පවසා සිටින සත්පුරුෂයන් එලෙස වර්ජය කළ යුතු සාධාරණීය හේතුව, දේශිය හා ජාත්‍යන්තර වශයෙන් දේශපාලනික තත්වයන් සන්සන්දනය කර කරුණු පැහැදිළි කළ යුතුය.
පාර්ලිමෙන්තු පුටුව රැක ගැනීමේ මැතිවරණයට එක් යුක්තියක්, පළාත් සභා සහ ප්‍රදේශිය සභා මැතිවරණයට තවත් යුක්තියක්, ජනාධිපති මැතිවරණයට වෙනත් යුක්තියක් යැයි තිබිය නොහැක. ජනාධිපතිවරණයට ජාතිවාදීන් දෙදෙනෙකු තරඟ කරනවා එමෙන් මෙම ජනාධිපතිවරණය දෙමළ ජනතාවට අවශ්‍ය නැහැ යැයි පවසන්නේ නම්, ඔබලා ආසන 225කින් යුතු පාර්ලිමෙන්තු මැතිවරණයදී උපරිමයෙන් ආසන 15ක් ලබාගෙන පාර්ලිමෙන්තුව තුල කරන්නට යන්නේ ඊළාම් අරගලයක්ද? ජාත්‍යන්තරය බලන්නේ පාර්ලිමෙන්තුවට ගොස් උස් හඩින් කථා පවත්වා එය හැන්සාට්වල සඳහන්වුයේ නම් පමණයිද? පාර්ලිමෙන්තුවදී කරන කථාවන් ජනතාව ඉදිරියේ කථා කර එය ජතත්‍යන්තරයට පෙන්වාදිය නොහැකිද? සිංහළ බෞද්ධ රටකදී පාර්ලිමෙන්තුවේ 6වැනි සංශෝධන වගන්තියට අනුව දිවුරුම් දීමදී ශ්‍රී ලංකාවේ ඒකීය භාවයට, ඒකීය පාලනය පිළිගෙන ඊළාම් ඉල්ලීම අත්හැරින්නෙමි යැයි දිවුරුම් දීමට හැකි නම්, කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ශ්‍රී ලංකා පුරවැසියන්වූ ජනතාවට, ඉන්න යක්කුන් අතර අමුඩෙවත් ඉතුරු කරදෙන යකා කව්රුන්දැයි තෝරා ගැනීමට තම ජන්දය භාවිතා නොකළ යුත්තේ ඇයි?
බටහිර රටවල්, විශේෂයෙන් යුරෝපිය සංගමයේ රටවල් - ඇමරිකාව - බ්‍රිතාන්‍යාව ඇතුළු රටවල් ප්‍රජාතාන්ත්‍රික මැතිවරණයත් එමඟින් පත්වන පාලනයත් අපේක්‍ෂා කරයි, ඉන්දියාවේ මානසිකත්වයද එයමය... එවැනි තත්වයක ප්‍රාන්තයෙහි හා ජාත්‍යන්තරයේ කැමැත්තද නොසලකා හැර දෙමළ ජනතාව මැතිවරණය වර්ජනය කරන්නේ නම් එමඟින් යළිත් මහින්ද රාජපක්‍ෂ බලයට පැමිණ දෙමළ ජනතාව හිංසා කරන විටද ජාත්‍යන්තරය සිටින්නේ නිහඞවය... එවිට ඉදිරි කාලයදීද බටහිර රටවල් මහින්ද සමඟ කටයුතු කළ යුත්තේ සහජීවනයෙන්ය. එය හැර දෙමළ ජනතාව ජන්දය භාවිතා කරලත් මහින්ද රාජපක්‍ෂ ජයග්‍රහණය කළේ නම් එය දෙමළ ජනතාවගේ ප්‍රශ්ණයක් නොවේ. දෙමළ ජනතාවට එරෙහිව කිසිවකුට ඇඟිල්ල දික්කිරීමට නොහැක.
මුල්ලතීව් ප්‍රදේශයදී ඊයේ 18 දින පැවැති ජන රැලියකදී “ඔබලා ගන්නා තීරණය මුළු රටේම තීරණයක් වනු ඇත“ යැයි මහින්ද රාජපක්‍ෂ මහතා පවසා තිබුණි. එයින් අදහස් කරන්නේ කුමක්ද? තීරණාත්මක බලය තිබෙන්නේ සුළු ජාතිකයන්ගේ ජන්දවලය. මෙහිදී ජන්දය වර්ජනය කළේ නම් එම ජන්ද සියල්ල හමුදාව සහ රජයට පක්‍ෂපාති කණ්ඩායම් එක්ව මහින්ද රාජපක්‍ෂටම කතිරේ දමාගනු ඇත... එනම් ප්‍රතිඵලය කුමක් විය හැකිද?
එක් පැත්තකින් මහින්දට දඞුවම් ලබා දෙන්න, යුද අපරාධ කළ පුද්ගලයන්ව ජාත්‍යන්තර අධිකරණයට ගෙන යන්න, ශ්‍රී ලංකා පාලකයන් කෙරෙහි පියවරක් ගන්නයි ජාත්‍යන්තරයේ දෙපාවල වැටී වැලපෙනවා... අනිත් පැත්තෙන් ප්‍රජාතාන්ත්‍රික මැතිවරණයට සහභාගිවී දේශපාලනික සහයෝගය ලබා දෙන්නයි ජාත්‍යන්තරය පවසා සිටීම ද්‍රෝහිකමක් යැයි පවසා සිටිනවා... මෙහිදි දෙබිඩි පිළිවතක් පේනවා නේද?
ජාත්‍යන්තර දේශපාලනය දිනෙන් දින අපට අළුත් පාඩමක් උගන්වයි... ප්‍රාන්තයේ තමිල්නාඩුව (එකම එක ප්‍රාන්තයක් පමණි) හැර අනෙකුත් සියළු රටවල් මහින්දගේ අත තදින් අල්ලාගෙන සිටිති. (ඉන්දියාවේ ස්ථාවරයදී ප්‍රසිද්ධියේ නොමැති නමුත් දැන් සුළු වශයෙන් වෙනසක් සිඳුව ඇත) විශේෂයෙන් වීටෝ බලයෙන් යුතු රුසියාව, චීනය වැනි රටවල් මහින්ද රාජපක්‍ෂව රඳවා තබාගෙන සිටියි.
සංග්‍රාමිකවූ දෙමළ ජනතාවගේ අරගල, උද්ඝෝශණ නිසා එම රටවල්හි ප්‍රජාවන් ලෙස පත්වී, දේශපාලනික බලපෑමක් ඇති කළ හැකි ජන කොටසක් ලෙස පත්වී තිබීමෙන් රටවල්වල එක්වීමතුලින් දෙමළ ජනතාවගේ ප්‍රශ්ණ, ගැටළු දැන් එක්සත් ජාතීන් සංවිධානය දක්වා ගොස් තිබේ. මෙවැනි තත්වයකදී නැවැත බටහිර රටවල් සමඟ විරෝධයක් ඇතිකරගෙන මැතිවරණය වර්ජනය කළේ නම් දෙමල ජනතාව අන්ත අසරණයන් බවට පත්නොවන්නේද?
2005 වසරදී මම කොළඹ සූරියන් එෆ්.එම්. නාළිකාවේ කටයුතු කළ කාලයදී පැවැසූ දෙයම වසර 9කට පසුද නැවැත එයම පවසා සිටින්නෙමි. ප්‍රාන්තයේ සහ ජාත්‍යන්තරයේ විරෝධය නොතකා මැතිවරණය වර්ජය කිරීම උපායමාර්ගිකව ඉතා බරපතල ප්‍රතිවිපාකයන් ඇතිවේ... එවිට එය නැවැත වරක් අපේ හිසට අපිම වැල්ල දාගත්තා මෙන්ය...
ජනතාව තම හෘද සාක්‍ෂියට අනුව ජන්දය ලබාදීම කාලීන අවශ්‍යතාවයකි
(නඩරාජා ගුරුබරන් globaltamilnews.net)