මහින්ද, මෛත්‍රීගේ අභියෝගය මඟ හරී

Published in පුවත්
Monday, 22 December 2014 10:13
කැබිනට් මණ්ඩලයේ සිටියදී රටේ යහපත වෙනුවෙන් කිසිදු විවාදයක් නොකළ ශ්‍රී ලං.නි.ප. හිටපු මහලේකම්වරයා දැන් යහපාලනය හා ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව විවාදයකට පැමිණෙන ලෙසට ජනාධිපතිවරයාට ආරාධනා කළත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී.ලං.නි.ප. භාණ්ඩාගාරික අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේය.
 
 
ඊයේ (21දා) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව පැවසීය.
 
 
ශ්‍රී ලං.නි.ප.යෙන් ඉවත් වුවත්, තවමත් ශ්‍රී ලං.නි.ප. මහලේකම් ලෙස ලිපි ලියන මෛත්‍රීපාල සිරිසේන මහතා සමග ශ්‍රී ලං.නි.ප. සභාපති වන මහින්ද රාජපක්ෂ මහතා සමග විවාදයකට සූදානම් වූවත්, පක්ෂයක් වශයෙන් එය ප්‍රතික්ෂේප කරමින් මහින්ද රාජපක්ෂ මහතාගේ තීරණයට විරුද්ධ වන බව අමාත්‍යවරයා පවසා සිටියේය.
 
අමාත්‍ය ධුරය දරන කාලයේ කැබිනට් මණ්ඩලය තුළ රටේ යහපත වෙනුවෙන් විවාද ඇතිවූවත්, ඒ කිසිදු විවාදයකට මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගී නොවූ බවද ඔහු සඳහන් කළේය.
 
මේ නිසා එවැනි කෙනෙකු සමග විවාදයට යාමත් ලජ්ජාසහගත බවත්, විවාදයක් අවශ්‍ය නම් ජනවාරි 09 වැනිදා අරලියගහ මන්දිරයට පැමිණෙන ලෙසට සිරිසේන මහතාට ආරාධනා කරන බවත් භාණ්ඩාගාරික අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.
 
මහින්ද කෙසේ නමුත් අණ්ඩුවෙන් ඉවත්වූ මැති ඇමැතිවරු පෙන්වා දෙන්නේ කැබිනට් මණ්ඩලය තුල කිසි දිනෙක විවාදයන්ට ඉඩ නොලැබුණ බවය. එමෙන්ම මෛත්‍රීපාල සිරිසෙන මහතා මෙරට මාර්ග සංවර්ධනය සම්බන්ධයෙන් දූෂණ වංචා  සිදුවන බව හෙලි කිරීම නිසා තමන්ට ජනාධිපතිවරයාගෙන් එල්ල වූ තර්ජනය ගැනද පසුගියදා හෙළි කරනු ලැබීය.
 
එමෙන්ම ඩලස් අලහප්පෙරුම මහතා විවාදය මඟ හැරීම සඳහා ඉදිරිපත් කරන තර්කය විකාර සහගතය. ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේකෂකයන් යනු රටේ ඉදිරි ජනාධිපතිවරයා ලෙස පත් කර ගැනිමට ජනතා කැමැත්ත ඉල්ලා සිටින තැනැත්තන්ය.
 
එම අවස්තාවේදී ඔවුන් සමාන අපෙක්ෂකයන් වන අතර පෙර ඔවුනොවුන් අතර තිබුණු සම්බන්ධතා මත විවාදයකට පැමිණීම මඟ හැරීම  ඊට මුහුණ දීමට ඇති නොනැකියාව පෙන්නුම් කිරීමක් බව දේශපාලන විචාරක මතයයි.
 
 

Leave a comment

 

ld add copy

Gossip

අපි කිව්වා හරි.. සජිත් - නාමල් ගිවිසුම, ඉරාජ් හෙලිකරයි !   

අපි කිව්වා හරි.. සජිත් - නාමල් ගිවිසුම, ඉරාජ් හෙලිකරයි !  

'සජිත්ව ගොඩදාලා දෙන්න..නාමල්, ඉරාජ්ව සජිත්ගේ සහයට යවයි, යනුවෙන් අප විසින් හෙළිකළ සත්‍යය ඉරාජ් විසින්...

සජිත්ව ගොඩදාලා දෙන්න..නාමල්, ඉරාජ්ව සජිත්ගේ සහයට යවයි

සජිත්ව ගොඩදාලා දෙන්න..නාමල්, ඉරාජ්ව සජිත්ගේ සහයට යවයි

කලාකරුවෙකු ලෙස පෙනී සිටින කුප්‍රකට පුද්ගලයෙක් වන ඉරාජ් වීරරත්න සමගි ජන බලවේගයේ සජිත් ප්‍රේමදාසට සහාය...

21න් පස්සේ සජිත් පන්නා සජබයේ බලය අල්ලන මෙහෙයුමක්. කැරැල්ල දෙතුන් තැනක පත්තුවෙයි.!

21න් පස්සේ සජිත් පන්නා සජබයේ බලය අල්ලන මෙහෙයුමක්. කැරැල්ල දෙතුන් තැනක පත්තුවෙයි.!

එළඹෙන ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතාගේ පරාජය ඒකාන්ත බවත්,එම පරාජයත් සමග ඔහු වහාම දේශපාලනයෙන් ඉ...

සජිත්ට ලොකු ලණුවක් දීලා මාට්ටු,  දැන් වියරුවෙන්.

සජිත්ට ලොකු ලණුවක් දීලා මාට්ටු, දැන් වියරුවෙන්.

සමගි ජන බලවේගයේ, ජනාධිපති අපේක්ෂක, සජිත් ප්‍රේමදාස ඔහු ඉදිරියේ දී ලැබීමට නියමිත නියත පරාජයෙන් තැති ග...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us