නැගෙනහිර පළාත් සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී හා එම පළාත් සභාවේ සභානායක ප්‍රියන්ත පතිරණ මහතා ආණ්ඩු පක්ෂයෙන් ඉවත්වී විපක්ෂයට එක්වීමට තීරණය කර තිබේ.

නත්තල් උත්සවය සහ නව අවුරුදු උදාව සමග රිය අනතුරු බහුල විය හැකි බව පොලිස් මුලස්ථාය පවසයි.

යුධ අපරාධ විනිශ්චය  ගැන මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රතිපති ප්‍රකාශයේ  පැහැදිලිව සඳහන් වන බවත් ඊයේ ජී එල්  පීරිස් මහතා යුධ අපරාධ සම්බන්ධයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රතිපත්තිය කුමක්ද යන්න ගැන කළ විමසීමට පිළිතුරු වශයෙන් ජාතිල හෙළ උරුමයේ ලේකම් චම්පික රණවක මහතා අද පැවැසීය.

බොකෝහරාම් සටන්කාමීන් විසින් ඊසාන දිග නයිජීරියාවේ ගම්මානයක පුද්ගලයන් 33 දෙනකු ඝාතනය කර 185 දෙනකු පැහැරගෙන ගොස්‌ ඇත.

තැපැල් ඡන්දයට ජනාමාධ්‍ය මගින් බලපෑම් කිරීම පිළිබද කැෆේ සංවිධානයේ ස්ථාවරය මැතිවරණ කොමසාරිස්තුමා සහ ජනාධිපතිවරණයට තරග වදින සියලුම දේශපාලන පක්ෂ වෙත යොමු කරන ලදී.  මෙහි දැක්වෙන්නේ තැපැල් ඡන්දයේ පළමු දිනයේ ඇති වූ තත්වය සම්බන්ධයෙන් කැෆේ සංවිධානයේ මතය යි.

ඔබ විසින් මා හට යළි යළිත් අසත්‍ය කරුණු යොදා පහරදීම මෙහිදී තරයේ හෙළා දකිමි.

 

මහින්ද චින්තනය යනු කියන දේ කරන කරන දේ කියන ලියවිල්ලක් යැයි ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (23) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී “ මහින්ද චින්තන ලොව දිනන මඟ” ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීමේ උත්සවයේදී කියා සිටියේය.

ජාතික හෙළ උරුමයෙන් ගිලිහී ගිය බෞද්ධ ප්‍රතිපත්ති, බෞද්ධ ආකල්ප යළි ස්ථාපනය කර පිවිතුරු හෙළ උරුමය නමින් පක්ෂයක් පිහිටුවීමට බස්නාහිර පළාත් සභා මන්ත්‍රි ජාතික හෙළ උරුමයේ හිටපු නියෝජ්‍ය ප්‍රධාන ලේකම් නීතිඥ උදය ගම්මන්පිල මහතා පියවර ගෙන ඇත.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපති අපේක්ෂක, ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ විජයග්‍රහණය තහවුරු කිරීමේ අරමුණෙන් රටපුරා පැවැත්වෙන විජයග්‍රාහී ජනරැලි මාලාවේ තවත් ජන රැලියක් ඊයේ(22) පස්වරුවේ රත්නපුර සීවලී ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.

අද ඇතැමුන් කියනවා  ආරක්‍ෂක හමුදාව ලවා කාණු කප්පවනවා, පිඟන් හෝදවනවා කියලා. එහෙම බාල්දු කිරීමකට කිසිදු ආරක්‍ෂක අංශයක පිරිසක්‌ අපි යොදවලා නැහැ. මේ රටේ ජාතික අවශ්‍යතාවන් සඳහා පමණක්‌ යොදවා තිබෙනවා. 

Connet With Us