පිවිතුරු හෙළ උරුමය පාත්තරේ ටිරාන්ගේ සල්ලි

Published in පුවත්
Tuesday, 23 December 2014 11:00

ජාතික හෙළ උරුමයෙන් ගිලිහී ගිය බෞද්ධ ප්‍රතිපත්ති, බෞද්ධ ආකල්ප යළි ස්ථාපනය කර පිවිතුරු හෙළ උරුමය නමින් පක්ෂයක් පිහිටුවීමට බස්නාහිර පළාත් සභා මන්ත්‍රි ජාතික හෙළ උරුමයේ හිටපු නියෝජ්‍ය ප්‍රධාන ලේකම් නීතිඥ උදය ගම්මන්පිල මහතා පියවර ගෙන ඇත.

පිවිතුරු බව, ප්‍රඥාව සහ සාමූහිකත්වය සංකේතවත් කරමින් නෙලුම්මල පක්ෂයේ සංකේතය ලෙස යොදා ගෙන තිබෙන බව පවසන ගම්මන්පිල මහතා පක්ෂය පිහිටුවීම සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා දැනුවත් කර ඇති බවත් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
 
 
ජාතික හෙළ උරුමයෙන් වෙන් වී පැමිණි පළාත් පාලන මන්ත්‍රිවරු දහ අටක්, පළාත් සභා මන්ත්‍රිවරයකු හා වෙනත් පක්ෂවල පළාත් පාලන මන්ත්‍රිවරුන් තිදෙනකුගේ සහාය නව පක්ෂයට හිමිවී ඇති බවද මෙවර පැවැත්වෙන ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහාය පළ කිරීමට පිවිතුරු හෙළ උරුමය තීරණය කර ඇති බවද මාධ්‍ය නිවේදනයේ දැක්වෙයි.
 
කෙසේ නමුත් පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන අනුග්‍රාහකයා  පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා බව  එම ආරංචි මාර්ග සඳහන් කරයි. උදය ගම්මන් පිලමහතාගේ  සමීපතම මිතුරකු වන ටිරාන් අලස් මහතා පසුගිය පළාත් සභා මැතිවරණයේදීද ගම්මන්පිල මහතාගේ එම මැතිවරණ ව්‍යාපාරය සඳහා උදව් කළ බවද පැවැසේ.
 
 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us