මහින්දගේ තුන්කල් දැක්ම හදිස්සියේ පෙන්වයි

Published in පුවත්
Tuesday, 23 December 2014 11:31

 

මහින්ද චින්තනය යනු කියන දේ කරන කරන දේ කියන ලියවිල්ලක් යැයි ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (23) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී “ මහින්ද චින්තන ලොව දිනන මඟ” ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීමේ උත්සවයේදී කියා සිටියේය.

මීට පෙරාතුව මහින්ද චින්තනය නම් කර තිබුණේ තුන් කල් දැක්ම ලෙසය.  නමුත් දැන් මෙය ලොව දිනන මග ලෙස නම වෙනස් කර එළි දක්වා අැත.කෙසේ නමුත් මෙම ප්‍රතිපති ප්‍රකාශනය එළි දැක්වීම කලින් සූදානම කර තිබුනෙ පසුගිය 22 වන දිනය. එහෙත් ඒ පසුව 25 හෝ 26 වන දිනට කල් දැමීම සිදු කර තිබිණි. නමුත් තැපැල් ඡන්දය අද දිනට යෙදී තිබීම නිසා හදිස්සියේම ඒ අද දින එළි දැක්වීමට කටයුතු යෙදුනද අද මෙය පරිගනක පිටපත් කිහිපයක් පමණක් ප්‍රදර්ශනය කරන මධ්‍ය සංදර්ශනයක් පමණක් බව ආණ්ඩුවේ ආරංචි මාර්ග පවසයි.

මෙහිදි ජනාධිපතිවරයා මෙසේ පැවැසීය

“එක කැසිනෝ ලයිසන් එකක්, එක බාර් ලයිසන් එකක් නොදුන් දෑතක් මට තියෙන්නේ කියා ආඩම්බරයෙන්” කියන්න පුළුවන් යැයි ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේය.

මැතිවරණ පොරොන්දු කියන්නේ සාමාන්‍යයෙන් මාස කිහිපයකදී අමතක කරන ලියවිල්ලක් නමුත් මහින්ද චින්තනය කියන්නේ අමතක කරන පොරොන්දු ලියවිල්ලක් නොවන බවද හෙතෙම කියයි.

රටට ද්‍රෝහි එක ගිවිසුමක් තමාගේ අතින් අත්සන් කර නැති බවත්, තමාට තියෙන්නේ එක ගිවිසුමක් පමණක් බවත්, ඒ මහින්ද චින්තනය පමණක් යැයිද එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේය.

අද බොහෝ දෙනා පවුල්වාදය ගැන කතා කරන බවද, දේශපාලන පවුලක කෙනෙක් වශයෙන් තමන් එය නෑ කියන්නේ නැති බවද පැවසූ ජනාධිපතිවරයා දේශපාලනයෙන් හම්බ කළේ නැති නිසා තමාට තුන්වැනි අදියර සඳහා නැවත බලය ඉල්ලීමට බය නැතිව කතා කරන්න පුළුවන් බවද හෙතෙම පැවසීය.

රට පවාදී දණින් වැටී සාමයක් ගෙන එන්නේ නැති බවට දුන් පොරොන්දුව ඉටු කළ බවද ඒ අනූව වසර 4ටත් අඩු කාලයකින් වසර 30ක් පුරා පැවැති ත්‍රස්තවාදය පරාජය කිරීමට හැකිවූ බවද මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේය.

එසේම එදා අපි ‍දුන් සදාචාරය පිළිබඳ පොරොන්දුව ඉටුකර ඇති බවද, ඒ අනූව ප්‍රසිද්ධියේ දුම්බීම පවා තහනම් කර ඇති බවද, ඔහු කියා සිටියේය.

එදා ඩොලර් 1200ක් වූ ඒක පුද්ගල ආදායම අද ඩොලර් 4000ක් බවට පත්ව ඇති බවද, අද ඉතා දියුණු පිරිසිදු නගර රට පුරා ගොඩනඟා ඇති බවද, ලෝකයේ බොහෝ ජාතීන් යන එන රටක් බවට මේ රට පත් කර ඇති බවද, හෙතෙම කීවේය.

කොටි ත්‍රස්තවාදය පරාජය කර රට නිදහස් කර ගත් අපට දැන් යුද අපරාධ චෝදනා නඟා ඇතැයි පැවසූ ජනපති පසුගිය සියවසේ ලංකාවේ බිහිවූ ශ්‍රේෂ්ඨතම පුත්‍රයා වූ අනගාරික ධර්මපාලතුමාටත් ඇතැමුන් අවලාද නැඟු අයුරු එහිදී සිහිපත් කළේය.

පෞද්ගලීකරණයට තිත තැබූ බවද, ඇතැමුන් දැන් යහපාලනය ගැන කතා කරන බවද, ත්‍රස්තවාදය තිබුණ රටක තියෙන යහපාලනය කුමක්ද? ප්‍රජාතන්ත්‍රවාදය කුමක්ද? යැයි තමන් ප්‍රශ්න කරන බවද ජනපති පෙන්වාදුන්නේය.

ත්‍රස්තවාදය විනාශ කිරීම නිසා ප්‍රජාතන්ත්‍රවාදයත් යහපාලනයත් ඇති වූ බවත්, නැතිනම් යහපාලනය ගැන කතා කරන්න වෙන්නේ නැති බවත්, එසේම අපි වැඩ කළේ නෑ කියා කාටවත් ඇඟිල්ල දිගු කරන්න බෑ යැයිද ජනපති එහිදී වැඩිදුරටත් කියා සිටියේය.

 

Last modified on Tuesday, 23 December 2014 11:50

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us