බොකෝහරාම් සටන්කාමීන් 33 ඝාතනය කර 185ක් පැහැර ගනියි

Published in විදෙස්
Tuesday, 23 December 2014 12:09

බොකෝහරාම් සටන්කාමීන් විසින් ඊසාන දිග නයිජීරියාවේ ගම්මානයක පුද්ගලයන් 33 දෙනකු ඝාතනය කර 185 දෙනකු පැහැරගෙන ගොස්‌ ඇත.

මෙලෙස පැහැරගත් පිරිස අතරට දරුවන් හා කාන්තාවන්ද ඇතුළත් වන වන බව විදේශ මාධ්‍ය කියයි.

වසර කිහිපයක්‌ පුරා බොකෝහරාම් සටන්කාමීන් එල්ල කරන ප්‍රහාර නිසා නයිජීරියාවේ පුද්ගලයන් 15,000 ක්‌ මරණයට පත්වී ඇති අතර මිලියන එකහමාරක්‌ අවතැන්වී ඇත.

මේ අතර නයිජීරියාව අසල පිහිටි කැමරූන් හමුදා ඒ. එෆ්. පී. මාධ්‍යයට සඳහන් කර ඇත්තේ තම ප්‍රධාන කඳවුරකට ප්‍රහාරයක් එල්ල කිරීමට පැමිණි නයිජීරියානු බෝකෝ හරාම් සටන්කාමීන් 116 දෙනෙක් ඝාතනය කළ බවයි.

මෙලෙස පුද්ගලයන් 185 ක්‌ පැහැරගෙන ගොස්‌ ඇත්තේ ගම්සුරි ප්‍රදේශයේයි. මෙම සිද්ධීන්වල වගකීම කිසිදු කල්ලියක් භාරගෙන නොමැති වුවද එරට රජය මෙය බොකෝ හරාම් ත්‍රස්ත ක්‍රියාවක් ලෙස හඳුන්වා දී තිබේ.

අප්‍රිකාවේ වැඩියෙන්ම බොරතෙල් නිෂ්පාදනය කරන රාජ්‍යය හා විශාලතම ආර්ථිකය හිමි රාජ්‍යයක්‌ වන්නේ නයිජීරියාවයි.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us