ඔහු ජනාධිපති පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පල කිරීමට තීරණය කර ඇත.
පසුගිය වසරේ පෙබරවාරී මාසයේදී පි‍්‍රයන්ත පතිරණ මහතාට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ආරියවතී ගලප්පත්ති මහත්මියගේ ආධාර කරුවන් විසින් පහර දී තිබිණි
නැගෙනහිර පළාත් සභාව තුල ආණ්ඩුව නියෝජනය කල සමස්‌ත ලංකා මුස්‌ලිම් කොංග්‍රස් පක්‍ෂයේ මන්ත්‍රීවරුන් තිදෙනකු ද එම පක්ෂයේ නායක කර්මාන්ත හා වාණිජ කටයුතු හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා සමග ඊයේ පොදු අපේක්ෂකයාගේ සහයට එක්විය.
මේ අතර, උතුරු මැද පළාත් සභාවේ ශ්‍රී ලනිප මන්ත්‍රී පි.බි. දිසානායක මහතාද පොදු අපේක්ෂකයාට සහයදීමට තීරණය කර ඇතැයි වාර්තාවේ. ඔහු 1994 සිට 2001 දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළේය.