මහින්ද පරදිනවා.. කඩුවෙල බුද්ධදාස ආධාරකරුවන්ට පවසයි

Published in පුවත්
Tuesday, 23 December 2014 12:51

කොළඹ දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයට වැඩිම ඡන්ද පදනමක් පවතින ආසනය ලෙස සැලකෙන කඩුවෙල ආසනයේ ජේෂ්ඨතම ශ්‍රිලනීප නායකයා වන ජී එහි බුද්ධදාස මහතා පසුගියදා සිය ආධාරකරුවන් සමඟ පවසා ඇත්තේ මේවර මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත්වන බවය.

ඒ නිසා මෙවර වැඩිය දැඟලිය යුතු නැති බවත් ඔහු පවසා තිබේ. කෙසේ නමුත් මේවන විට ජනධිපතිවරණයට කැඳවීමට ප්‍රථමව කඩුවෙල නගරයේ ස්ථාපිත කළ කට්වුට් ප්‍රමාණය හැර වෙනත් කිසිදු ප්‍රචරක කටයුත්තක් කඩුවෙල ආසනයේ සිදු කර නොමැත.

එමෙන්ම කඩුවෙල සංවිධායක ඇමැති සුසිල් ප්‍රෙමජයන්ත් මහතාද නිශ්ක්‍රීයව සිටී.එමෙන්ම කඩුවෙල ආසනය පදනම් කරගෙන කටයුතු කරන විමල් වීරවංශ මහතාගේ ආධාරකරුවන්ද මෙවර දකින්නට නොමැති බව එම ප්‍රදෙශයෙන් ලැබෙන ආරංචි මාර්ග පවසයි.

මේ අතර මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රණය පතා 21දා පැවැති රැළියේ වේදිකාව අභියස පුටු හිස්වී ඇති අයුරු මේ ඡාරූපයෙන් දැක්වේ.

දේශපාලන රැළියක වේදිකාව අභියස අසුන් පැනවෙන්නේ එම දේශපාලන පක්ෂයට කිට්ටුම සාමාජිකයන් උදෙසාය.

එසේ තිබියදී මෙසේ පුටු හිස්වී තිබීමෙන් පෙනෙන්නේ සන්ධාන පාක්ෂකයනුත් තම නායකයා හැරයාමක්දැයි ප්‍රදේශවාසීන් අතර කතා බහට ලක්වූ බව අප වාර්තාකරු පවසයි.

තේජාන්විත නගාරාධිපති ලෙස හඳුන්වාගෙන සිටින කඩුවෙල නගරාධිපති. බුද්ධදාස මහතාගේ බලපරාක්‍රමය රජකරන ඔහු ගේ ආසනය තුළ මෙබදු තත්ත්වයක් පැවැත්වීම පිටුපස පවතින රහස දැන් කඩුවෙලත් ජනපතිට අහිමි වි ඇති බවට ලකුණු පෙන්වීමක්දැයි ප්‍රදේශවාසීන් තුළ සැතයට තුඩුදී ඇත.

දිනේෂ් ගුණවර්ධන- ඩිව් ගුණසේකර තිස්ස විතාරණ අමාත්‍යවරුන් ඇතුළු සන්ධානයේ මන්ත්‍රීන් රැසක් මෙම රැළියට සහභාගිවන බවට පුළුල් ප්‍රචාරයක් දී තිබුනද ඔවුන් කිසිවකු මෙම රැස්වීමට සහභාගි වී නැත.

buddadasa-kaduwela-rally



Last modified on Tuesday, 23 December 2014 12:53

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us