තුන්කල් දැක්මේ සංදර්ශනය කල් දමයි. සංශෝධන ‍රැසකුත්

Published in පුවත්
Sunday, 21 December 2014 22:22
මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ මහින්ද චින්තන "තුන්කල් දැක්‌ම" ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීම කල් දමා ඇති බව වාර්තා වෙයි.
 
'තුන්කල් දැක්‌ම' ප්‍රතිපත්ති ප්‍රකාශනය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (22) පෙරවරු 11.00 ට කොළඹ බණ්‌ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබූ අතර එය නවතා දැමීමට කටයුතු කර ඇත. කෙසේ වෙතත් ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ලබන 25 වැනිදා පෙරවරු 11.00 ට කොළඹ බණ්‌ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට තීරණය කර තිබේ.
 
මෙසේ දින වෙනස් වුයේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැතිවරණ ප්‍රකාශනයට අනුව ජනාධිපති ප්‍රතිපත්ති ප්‍රකාශනය සංශෝධනය කරන නිසාදැයි මාධ්‍යවේදීයකු කළ විමසීමකදී  අමාත්‍යවරයා  පැවසුයේ මහින්ද චින්තනය මැතිවරණයෙන් මැතිවරණයට වෙනස් නොවන එකකට එකක් බැඳුණු ප්‍රතිපත්තියක් නිසා කිසිම හේතුවක් මත සංශෝධනය අවශ්‍ය නොවන බවයි.
 
එහෙත් තුන්කල් දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය පි‍ටු 64කින් යුක්තව ටැබ්ලොයිඩ් ප්‍රමාණයෙන් පිටපත් ලක්ෂ 20 ක් මුද්‍රණය කිරීම  සඳහා පසුගියදා මුද්‍රණාල කිහිපයකටම ඇනවුම් බාර දී තිබිණි. නමුත් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ  ප්‍රතිපත්ති ප්‍රකාශනය තුල ඇති කරුණු ගනනාවක්ම තුන්කල් දැක්මේ අඩංගුවීම නිසා මේ හදිසියේම වෙනස් කිරීමට සිදුව තිබෙන බව  ජනාධිපතිවරණ මෙහෙයුම් කමි‍ටු ආරංචි මාර්ග සඳහන් කරයි.
 
එමෙන්ම මෛත්‍රීපාල මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තමන්ගේ අයවැය කොපි කිරීමක් බව ජනාධිපතිවරයා  ප්‍රසිද්ධියේම පැවැසීම නිසා ඊට එරෙහිව විවෙචනයක් ගොඩ නැඟීමට තිබු අවස්ථාද ජනාධිපතිවරයාම  අහිමි කොට ගෙන ඇති බවත් මේ නිසා ඊට එහා ගිය  පොරොන්දු කන්දරාවක් නව සංශෝධිත තුන්කල් දැක්මට අඩංගු කෙරෙන බවත් දැන ගැනීමට තිබේ.
 
එසේම ලබන 23 හා 24 වන දින  තැපැල් ඡන්ද විමසිම  සිදුවන නමුත් සන්ධාන පාක්ෂිකයින්ට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ තුන් කල් දැක්ම නොබලාම  ඡන්ද පාවිච්චි කිරීමට සිදුව තිබේ.
 
 
 

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us