ලංකාවට වාසියක් තාරුණ්‍යයෙන් වාසියක්

Published in පුවත්
Monday, 22 December 2014 13:36

වයස් කාණ්ඩ අනුව ශී‍්‍ර ලංකාවේ දැනට තිබෙන ජන සංයුතිය ආර්ථික සංවර්ධනය සඳහා ඉතා හිතකර බව එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ උපදේශකවරයෙකු වන එච්.ආර්. ගුණසේකර මහතා පවසයි.ඉකුත් වසර කිහිපය ඇතුළත ශී‍්‍ර ලංකාවේ තරුණ ජනගහනය කැපී පෙනෙන ලෙස වැඩි වී ඇති බව 2012 ජන හා නිවාස සංගණනය උපුටා දක්වමින් ඔහු කියා සිටියේය. ඊට සාපේක්ෂව ළමා ජනගහනය අඩු වී වැඩිහිටි ජනගහනයද පාලනය කර ගත හැකි මට්ටමකට පැමිණ තිබෙන බව ඔහු පෙන්වා දුන්නේය.

ළමා ජනගහනය 35% සිට 25% දක්වා අඩුවී ඇත. එසේම වියපත් ජනගහනය 6.7% සිට 12.7% දක්වා ආසන්න වශයෙන් දෙගුණයකින් වැඩි වී ඇත. වැඩකරන වයසේ ජනගහනය 56% සිට 62.4% දක්වා වැඩි වී ඇත. ඒ අනුව ළමා ජනගහනය අඩුවෙමින් වැඩිහිටි ජනගහනය පාලනය කළහැකි මට්ටමක පවත්වාගෙන යාමෙන් ඇති වන වැඩකරන ජනගහනයේ වර්ධනය, එනම් ප‍්‍රජාවිද්‍යාත්මක පාරිතෝෂිතය ආර්ථික සංවර්ධනය සඳහා භාවිත කළ හැකිය.

දැනට පවතින මෙම වාසිදායක තත්වය සදාකාලික නොවන බව එච්.ආර්. ගුණසේකර මහතා පවසයි. බොහෝ විට වසර 2030 පමණ වන විට මෙම තත්වය වෙනස්විය හැකි බව ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

ළමා ජනගහනය 2016 සිට 2051ක දක්වා කාලය වන විට ක‍්‍රමයෙන් අඩුවීයයි. වියපත් ජනගහනය වර්ධනය වේ. වැඩකරන ජනතාවගේ ජනගහනය යම් මට්ටමකට ගොස් ඉන්පසු ක‍්‍රමයෙන් අඩු වේ. එනම් ප‍්‍රජාවිද්‍යාත්මක පාරිතෝෂිතය අවසන්වේ. මෙය සදාකාලිකව නොපවතින අතර පවතින්නේ අවුරුදු 40ක කාලයක් පමණය. 1990 මුල භාගයේ ආරම්භ වූ මෙය 2030 අගදී පමණ අවසන් වීමට නියමිතව තිබේ.

මෙම කරුණු අනුව පෙනී යන්නේ පවතින වාසි දායක තත්වය නිවැරදිව කළමනාකරණය සඳහා සුදුසු ප‍්‍රතිපත්ති වහා වහා සකස් විය යුතු බවය. එහිදී තරුණයන්ගේ හැකියා සංවර්ධනයට, ඔවුන්ට සුදුසු රැකියා ලබාදීමට සහ ඵලදායිතාව වැඩි කිරීමට ප‍්‍රමුඛත්වයක් ලබාදිය යුතු බව එච්.ආර්. ගුණසේකර මහතා කියා සිටියේය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us