මහින්දට 50%ක් නැතිවෙයිද මන්දා

Published in පුවත්
Thursday, 18 December 2014 13:42

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට මෙවර ජනාධිපතිවරණයේදී සියයට පනහක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට බැරි තත්ත්වයක් උදාවුවහොත්, දෙවැනි මනාපය ගණන් කිරීමට පෙර ජනතාව සමඟ පාරට බැස සටන් කිරීමට විරුද්ධ පාක්ෂිකයන් සූදානමින් සිටින බවට තොරතුරු ලැබී ඇතැයි දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ සභාපති ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පැවසීය.

බොරැල්ලේ දේශ හිතෛෂී ජාතික බලවේග මෙහෙයුම් මධ්‍යස්ථානය 16 වන දා විවෘත කිරීමෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී ඔහු මෙම කාරණය අවධාරණය කළේය.

'' මේ රටේ ඉරණම විසඳන තීරණාත්මක ඡන්දයක් ලෙස මෙම ජනපතිවරණය පෙන්වාදිමට හැකිය. වැරදිලාවත් ජනපති මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත්වුවහොත් රට අරාජිකවීමට ඉඩ තිබෙනවා.

මේ රට අභ්‍යන්තරයේ පැනනැගෙන ප්‍රශ්න මේ රට තුළදීම විසඳා ගැනීමට පුළුවන්. ඒත් ජිනීවා සමුලුවට සම්බන්ද වෙනත් රටවල් අතර යම් ප්‍රශ්නයක් ඇති වුවොත් ඒ ප්‍රශ්න විසඳුම් සෙවීම හරිම දුෂ්කරකාර්යක් බවට පත්විමට ඉඩ තිබෙනවා. මේ නිසා මෙම කුමන්ත්‍රණකරුවන්ගෙන් රට මුදවා ගැනීමට නම් විජාතික බලවේග පරාජය කළ යුතුයි.

විජාතික බලවේගවල කුමන්ත්‍රනකරුවන්ගේ ග්‍රහණයට හසුවූ චන්ද්‍රිකා, රනිල්, මෛත්‍රී කණ්ඩායම ජනතාව නොමග යවා පාලන බලය අතට ගැනීමට සූදානම් වෙනවා'' යයි ද අමරසේකර මහතා පැවසිය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us