ජනාධිපතිවරණයේදී ඡන්දය භාවිත කිරීමට ජාතික හැඳුනුම්පත් නොමැති පුද්ගලයින්ට ඉදිරි සතිය තුළ හැඳුනුම්පත් නිකුත් කරන බවද එම දෙපාර්තමේන්තුව පැවසුවේය
මේ වන විට දිවයින පුරා දිස්ත්රික්කවලින් අයදුම්පත් 75,000ක් ලැබී ඇති බවත්, ඊට අමතරව ජංගම සේවා මගින් ද අයදුම්පත් 25,000ක් ලැබී ඇති බවත්, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් සරත් කුමාර මහතා සඳහන් කර සිටියි.