මෛත්‍රී රැළි කඩාකප්පල් කිරීමේ සංවිධානාත්මක සැලැස්මක්

Published in පුවත්
Thursday, 18 December 2014 11:06

අද දින වඳුරඹ ප්‍රදේශයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පැවැත්වීමට නියමිතව තිබු ජන රැලියේ ඉදිකළ වේදිකාව ඊයේ (17) සවස නිශාන්ත මුතුහෙට්ටිගම හා තවත් තරුණයින් පිරිසක් සමග ගිනි තබන අයුරු පුද්ගලයෙකු කැමරා ගත කොට ඇතැයි රාජිත සේනාරත්න මහතා පවසයි.

ජනාධිපතිතුමා අනුමත නොකරන දෑ ඔහුගේම අනුගාමිකයින් විසින් සිදුකිරීම රටේ යහපාලනය බිඳ වැටීමකි. මේ සම්බන්ධයෙන් සාධාරණව නීතිය ක්‍රියාත්මක විය යුතු යැයි රාජිත සේනාරත්න මහතා අවධාරණය කර සිටියි.

එමෙන්ම ඊයේ දින හබරාදුව සංවිධායක සමග ගැටුම් ඇතිකරගනිමින් ඔහු පොලිස් අත්අඩංගුවට ගැනීමට සොයමින් එම රැස්වීමද කඩාකප්පල් කිරීමට කටයුතු කර ඇත. අද දින බලපිටියේ පැවැතිවීමට තිබු පොදු විපක්ෂයේ රැස්වීමත් එහි සංවිදායක සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට පොලිසිය විසින් කරදර කරමින් එම රැස්වීම කඩාකප්පල් කිරීමට කටයුතු කරන බව රාජිත සේනාරත්න මහතා අවධාරණය කරයි.

පසුගිය දිනවල මහින්ද රාජපක්ෂ මහතා එවැනි දේ අනුමත නොකරන බවට ප්‍රකාශ කර නිහ~ වුවත් ඔහුගේ සගයින් මෙවැනි නීති විරෝදී ක්‍රියා කිරීමේදී කිසිඳු විරුද්ධත්වයක් නොදක්වා සිටීම හාස්‍යජනකය. මේ සියල්ලට හේතුව විධායක ජනාධිපති ක්‍රමයේ බලතල අත්තනොමතික ලෙස භාවිත කිරීම බවත් හැකි ඉක්මනින් එය අහෝසිකර මෙරටට යහපාලනය උදාකර දිය යුතු බව රාජිත සේනාරත්න මහතා වැඩිදුරත් පෙන්වා දෙයි.

{soundcloud}https://soundcloud.com/lankadaily/dr-ragitha-17-12-2014{/soundcloud}

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us