News Items (18842)
කම්කරු ජාතික පෙරමුණේ නායක පලනි දිගම්බරම් සහ කඳුරට ජනතා පෙරමුණේ දේශපාලන අංශනායක වී.රාධාක‍්‍රිෂ්ණන් යන නුවරඑළිය දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් දෙදෙනා ආණ්ඩු පක්ෂයෙන් ඉවත්වී විපක්ෂයේ පොදු අපේක්ෂකයාට සහයෝගය දැක්වීමත් තීරණයත් සමගම මෙතෙක් සන්ධාන රජයට බලය තිබූ නුවරඑළිය ප‍්‍රාදේශීය සභාවේ බලය එක්සත් ජාතික පක්ෂයට හිමිව අැත.
ගම්පහ මහ නගර සභාවේ විපක්ෂනායක කපිල එදිරිසිංහ මහතා ජනාධිපතිවරයාට සහය දක්වීමට ඉදිරිපත්ව සිටින බවට ඊයේ ස්වධීන රූපවාහිනියේ (ITN) දහවල් 12 පුවත් මඟින් විකාශය වීම සම්පූර්ණයෙන්ම අසත්‍යක් බව ඒ මහතා පැවසුවේය.
තමාට වර්තමාන දූෂිත ආණ්ඩුවට එක්වන්නැයි කිවුවොත් අළුයම හෙළන කෙළ පිඩක් මෙන් එය “තුක්.. කියා” ප්‍රතික්ෂේප කරන බවද, වත්මන් ආණ්ඩුවේ තනතුරු “බල්ලෙක්ගේ අධෝ මුඛයේ තියෙන රෝම කූපයක් තරම්වත් තමාට වටින්නේ” නැති බවද එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පැවසුවේය.
පසුගියදා ආණ්ඩුවෙන් ඉවත් වූ ජාතික හෙළ උරුමයේ නියෝජ්‍ය මහලේකම් බස්නාහිර පළාත් සභා හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට සහය ලබාදීමට තීරණය කර අැත.
පසුගිය වකවානුව පුරාම ජනපති මහින්ද රාජපක්ෂ මහතාට සහාය පලකළ ප්‍රකට දේශපාලන විචාරකයකු වන දයාන් ජයතිලක මහතා ඊයේ විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාව හමුවී සාකච්ඡා කොට ඇත. ඒ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිවසේදීය.
අන්තර් ජාතික ක‍්‍රිකට් පිටියේ වසරකදී වැඩිම අර්ධ ශතක සංඛ්‍යාවක් වාර්තා කරමින් රිකී පොන්ටින් තැබූ වාර්තාවක් සම කිරීමට කුමාර් සංගක්කාර සමත් වුයේය. ඒ, පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේදී එංගලන්තයට එරෙහිව ඊයේ රැස්කළ අර්ධ ශතකයත් සමගින්ය. මෙම වසරේදී කුමාර් සංගක්කාර අන්තර්ජාතික ක‍්‍රිකට් පිටියේ මේ වන විට වාර්තා කර ඇති අර්ධ ශතක සංඛ්‍යාව 24කි.
2014 දෙසැම්බර් 10 දින ප.ව. 3 දක්වා කාල සීමාව තුල කැෆේ සංවිධානය වෙත මැතිවරණ පැමිණිලි 86 ක් ලැබී ඇති අතර ගිණි අවි භාවිත කිරීමේ සිදුවීම් 8 ක් ද ඇතුලත් මුඵ ප්‍රචණ්ඩක්‍රයා 29 ක් සිදුව අැති බව කැෆේ සංවිධානයේ මාධ්‍ය ඒකකය සදහන් කරයි. ඔවුන් ඉදිරිපත් කළ නිවේදනයේ සදහන් ප්‍රචණ්ඩක්‍රියා පහත දැක්වේ.
කිසිදු දේශපාලන වේදිකාවක ගොඩනොවීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය තීරණයක් ගෙන තිබේ.
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවේ නව සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස අද (11) පෙරවරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේදී ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.
බස් හිමියාගේ ඡන්දෙත් වටී බස් මගියාගේ ඡන්දෙත් වටී
බස් ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් සාකච්ජා ආරම්භ කර ඇති බව පුද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍ය සී.බී රත්නායක මහතා පවසයි.
