මැතිවරණ පැමිණිලි 86 ක්

Published in පුවත්
Thursday, 11 December 2014 11:18

2014 දෙසැම්බර් 10 දින ප.ව. 3 දක්වා කාල සීමාව තුල ‍කැෆේ සංවිධානය වෙත මැතිවරණ පැමිණිලි 86 ක් ලැබී ඇති අතර ගිණි අවි භාවිත කිරීමේ සිදුවීම් 8 ක් ද ඇතුලත් මුඵ ප්‍රචණ්ඩක්‍රයා 29 ක් සිදුව අැති බව කැෆේ සංවිධානයේ මාධ්‍ය ඒකකය සදහන් කරයි. ඔවුන් ඉදිරිපත් කළ නිවේදනයේ සදහන් ප්‍රචණ්ඩක්‍රියා පහත දැක්වේ.

විභාගයට බාධා වන අයුරින් යුධ ජයග්‍රහණයේ චිත්‍රපටයේ චිත්‍රපටයක් පෙන්වීම

අධ්‍යාපන පොදු සහතික පත්‍ර (සා.පෙළ) විභාගය පැවැත්වෙන නාඋල අබන හන්දියේ කුබියන්ගහ ඇල විද්‍යාලය ආසන්නයේ ශබ්ද වාහිනී යන්ත්‍ර භාවිතයක් සිදු ව ඇත. ලොරියක සවිකළ පුළුල් තිරයක යුධ ජයග්‍රහණය පිළිබඳ චිත්‍රපටයක් පෙන්වීමට පිරිසක් උත්සහ දරා ඇත. ප්‍රදේශවාසීන් මෙම පිරිසට විරෝධය පළ කොට පළවා හැර ඇත.

නාඋල ප්‍රාදේශිය සභාවට අයත් අංක 252 - 6567 දරණ කැබ් රථය ද මේ සදහා යොදා ගෙන ඇත. දෙසැ. 10 දහවල් 12.30 පමණ සිදුවීම වාර්තා විය. මෙම චිත්‍රපටය එජනිස ජනාධිපතිවරණ අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාට සහය දැක්වීම සඳහා නිර්මාණය කළ එකකි. ශබ්දවාහිනී යන්ත්‍ර භාවිතය සදහා අවශ්‍ය පොලිස් අවසර පත්‍රයක් මේ පිරිස අත නොවීය. චිත්‍රපට දැක්ම සඳහා නිල ඇඳුමින් සැරසුන පොලිස් නිලධාරින් ආරක්ෂාව ලබාදී ඇත. (එම කැබ් රථයේ ඡායාරූප සහ පුළුල් තිර‍යේ ඡායාරූප අමුණා ඇත)


මහනුවර රැළියට ආ පිරිසට මැර ප්‍රහාර
මහනුවර පොදු වෙළදපොළ ඉදිරිපිට දෙසැ. 9 වන දින පැවති පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා ගේ රැස්වීමට සහභාගි වී නිවෙස් බලා යමින් සිටි පිරිසකට කටුගස්තොට මහ පාලම අසලදී කැබ් රථයකින් පැමිණි පිරිසක් ප්‍රහාරයක් එල්ල කර තිබේ. මෙම ප්‍රහාරයෙන් තුවාල ලැබු අඹතැන්න ප්‍රදේශයේ පදිංචි කරුවන් 4 දෙනෙක් මෙ වන විට කටුගස්තොට රෝහලේ ප්‍රතිකාර ලබති. එමෙන්ම මෙම රැස්වීමට සහභාගි වී ලංගම බස්රථයකින් ආපසු යමින් සිටි පිරිසකට තවත් ප්‍රහාරයක් එල්ල වී තිබේ. එම ප්‍රහාරයෙන් සිදු වූ හානිය පිළිබද විස්තර මේ දක්වා ලැබී නොමැත.

එජාප මන්ත්‍රීගේ නිවසට මැර ප්‍රහාර
දෙසැ. 9 වන දින රාත්‍රි 12 ට පමණ පාතදුම්බර එජාප ප්‍රාදේශීය සභා මන්ත්‍රී අතුල ඒකනායක මහතාගේ වත්තේගම මීගම්මන නිවසට ඩිෆෙන්ඩර් රථයකින් පැමිණි පිරිසක් ප්‍රහාරයක් එල්ල කර ඇත. අතුල සේනානායක මහතා දෙසැ. 9 වන දින මහනුවර දී පැවති පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ගේ ජනහමුව සංවිධානය කිරීමේදී මූලිකත්වය ගෙන කටයුතු කළ අයෙකි.


අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේනගෙන් පොස්පේට් සේවයින්ට බලපෑම්
විශේෂ ව්‍යාපෘති අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතා දෙසැ. 9 වන දින පෙව 10 ට පමණ එප්පාවල පොස්පේට් රාජ්‍ය සමාගමට ගොස් එහි එම අවස්ථාවේ සේවයේ යෙදී සිටි පිරිසට රැස්වීමක් පවත්වා තිබේ. සමාගමේ සුභ සාධක සංගම් ශාලාවේ දී පැවති රැස්වීමේ දී, මෙවර ජනාධිපතිවරණයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඡන්දය ලබාදෙන ලෙස ඉල්ලා ඇත.

ප්‍රාදේශිය සභාවේ කැබ් රථය පෝස්ටර් ඇලවීමට යොදවලා
ඌව පරණගම ප්‍රාදේශිය සභාවේ කැබ් රථය එජනිස යේ මැතිවරණ ප්‍රචාරක පෝස්ටර් ඇලවීම සදහා යොදා ගෙන ඇත. පළාත් පාලන ආයතන සතු දේපල විශාල වශයෙන් මෙවර මැතිවරණයට යොදා ගනිමින් පවතින අතර මේ සම්බන්ධ ඡායාරූප අමුණා ඇත.

ජනාධිපතිවරණයට නාම යෝජනා භාර ගැනීමෙන් පසුව ගාල්ල නගරයේ ඉදිකර තිබු බැනර්, කටවුට් කිහිපයක් අද දින ඉවත් කොට ඇත. කොළඹ නගර සභා සීමාවේ ඉදිකොට ඇති ප්‍රචාරක පුවරු සීමා සහිත ප්‍රමාණයක් ද ඉවත් කොට ඇත. කොළඹ කටවුට් ඉවත් කිරීමට හේතු වී ඇත්තේ ඒ පිළිබද කොළඹ නාගරික කොමාරිස්ට එරෙහිව නීති මගින් කටයුතු කිරීමේ උත්සාහය විය හැකිය. පුත්තලම, හලාවත,මාතර, කුරුණෑගල, බදුල්ල, අනුරාධපුර, කලුතර, මතුගම, රත්නපුර නගරවල විශාල වශයෙන් නීති විරෝධී ප්‍රචාරක ද්‍රව්‍ය දැකිය හැකිය.

NAULA-IMAGES-1

NAULA-IMAGES-2

NAULA-IMAGES-3

UVA-PARANAGAMA-IMAGES-1

UVA-PARANAGAMA-IMAGES-2

 

Last modified on Thursday, 11 December 2014 11:22

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us