ආණ්ඩුවේ තනතුරු බලු මයිලක් තරම්වත් වටින් නෑ

Published in පුවත්
Thursday, 11 December 2014 12:48

තමාට වර්තමාන දූෂිත ආණ්ඩුවට එක්වන්නැයි කිවුවොත් අළුයම හෙළන කෙළ පිඩක් මෙන් එය “තුක්.. කියා” ප්‍රතික්ෂේප කරන බවද, වත්මන් ආණ්ඩුවේ තනතුරු “බල්ලෙක්ගේ අධෝ මුඛයේ තියෙන රෝම කූපයක් තරම්වත් තමාට වටින්නේ” නැති බවද එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පැවසුවේය.

“පාරේ යන බල්ලෙක් ගෙදරට ඇවිල්ලා අම්මාට ජාතක වෙලා නෙ‍වෙයි මම ඉපදුණේ” යැයි  බුද්ධික පතිරණ මහතා පැවසුවේය.

තමන් බත් කාපු කටින් අසූචි නොකන බවද, පක්ෂය හැර නොයන සහතිකය ලෙයින් දුන් කෙනෙක් ලෙස තමන් ඒ ගැන ආඩම්බර වන බවද ඔහු පවසයි. පක්ෂය හැර නොයන බවට මහපට ඇඟිලි විද රුධිරයෙන් සහතික දුන් එකම පුද්ගලයා තමා බවත්, තමා කෙටි කාලීන වරප්‍රසාද උදෙසා පක්ෂය පාවා දෙන්නෙක් ‍ෙනාවන බවත්, මන්ත්‍රීවරයා පවසයි.

ඔහු මේ බව පැවසුවේ බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා ආණ්ඩුවට එක්වන්නේ යැයි පැතිර යන කට කතාවලට ප්‍රතිචාර ලෙසය.

රුපියල් ශතවලට තමන්‍ දේශපාලනය නොකරන බවත්, ආණ්ඩු පක්ෂයේ කිසි කෙනෙක් තමාව සල්ලි වලට ගැනීමට නොහැකි බව දන්නා බවත්, මන්ත්‍රීවරයා පවසයි.

බුද්ධික පතිරණගේ දේශපාලනය සල්ලිවලට මිල කළ නොහැකි බවත්, තමන්‍ වැඩ කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති මත පිහිටා බවත්, හෙතෙම පවසයි.

මාතර තමාගේ ගමන උහුලන්න බැරි පිරිසක් මෙවැනි මතවාද ගොඩනගන බවත්, කෙ‍ෙස් වුවද පක්ෂය පාවාදී යන ද්‍රෝහියන්ගේ ගොඩේ බුද්ධික පතිරණ නැති බවත්, ඔහු අවධාරණය කරයි.

 

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us