ගම්මන්පිල අාපස්සට පනියි

Published in පුවත්
Thursday, 11 December 2014 12:21

පසුගියදා ආණ්ඩුවෙන් ඉවත් වූ ජාතික හෙළ උරුමයේ නියෝජ්‍ය මහලේකම් බස්නාහිර පළාත් සභා හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට සහය ලබාදීමට තීරණය කර අැත.

විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහය දැක්වීම සඳහා ජාතික හෙළ උරුමය ඉකුත් දා ආණ්ඩුවෙන් ඉවත් වුයේය. එහි මහලේකම්වරයා වූ පාඨලී චම්පික රණවක මහතා සිය අමාත්‍ය ධුරයෙන් ද ඉවත් වුණි.

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වූ පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ද කියා සිටියේ විපක්ෂයේ පොදු අපේක්ෂකයාට සහය පළ කරන බවයි. ඒ අනුව යමින් බස්නාහිර පළාත් සභාවේ කෘෂිකර්ම, පරිසර ඇතුළු විෂය කිහිපයක් සහිත අමාත්‍ය ධුරයක් හෙබවූ උදය ගම්මන්පිල මහතා ද ඉන් ඉවත් වුයේය.

දැන් එක්සත් ජනතා නිදහස් සන්ධානය කොළඹදී පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් ගම්මන්පිල මහතා සඳහන් කළේ තමන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහය පළ කිරීමට තීරණයක් ගත් බවයි. එය තමන්ගේ ප‍්‍රතිපත්ති මත පිහිටා ගත් තීන්දුවක් බවද ඔහු සඳහන් කළේය.

විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතා සිය ප‍්‍රතිපත්ති සම්බන්ධයෙන් පරස්පර අදහස් දක්වා තිබීම ද තමන්ගේ මෙම තීරණයට හේතු වූ බව උදය ගම්මන්පිල කියා සිටියේය.

Last modified on Thursday, 11 December 2014 12:23

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us