සංගක්කාර පොන්ටින් සම වෙයි.

Published in ක්‍රීඩා
Thursday, 11 December 2014 11:29

අන්තර් ජාතික ක‍්‍රිකට් පිටියේ වසරකදී වැඩිම අර්ධ ශතක සංඛ්‍යාවක් වාර්තා කරමින් රිකී පොන්ටින් තැබූ වාර්තාවක් සම කිරීමට කුමාර් සංගක්කාර සමත් වුයේය. ඒ, පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේදී එංගලන්තයට එරෙහිව ඊයේ රැස්කළ අර්ධ ශතකයත් සමගින්ය. මෙම වසරේදී කුමාර් සංගක්කාර අන්තර්ජාතික ක‍්‍රිකට් පිටියේ මේ වන විට වාර්තා කර ඇති අර්ධ ශතක සංඛ්‍යාව 24කි.

රිකී පොන්ටින් ද 2005 වසරේදී අර්ධ ශතක 24ක් වාර්තා කිරීමට සමත් වුයේය. කුමාර් සංගක්කාර ඊයේ වාර්තා කළේ සිය එක්දින ක‍්‍රිකට් දිවියේ 91වන අර්ධ ශතකයයි. එය ඔහු අන්තර්ජාතික ක‍්‍රිකට් පිටියේ වාර්තා කළ 150වන අර්ධ ශතකය ද වේ. ඒ අනුව වැඩිම අර්ධ ශතක සංඛ්‍යාවක් වාර්තා කළ ලොව දෙවන ක‍්‍රීඩකයා ලෙස ද සංගක්කාර වාර්තා පොත් අතරට එක්වුයේ.

අන්තර් ජාතික ක‍්‍රිකට් පිටියේ අර්ධ ශතක 164ක් ලබාගනිමින් ප‍්‍රථම ස්ථානයේ පසුවන්නේ ඉන්දීය ක‍්‍රීඩක සචින් ටෙන්ඩුල්කාර්. සංගක්කාර මේ වන විට ටෙස්ට් අර්ධ ශතක 51ක් සහ පන්දුවාර විස්ස ක‍්‍රිකට් තරගවලදී අර්ධ ශතක 8ක් වාර්තා කිරීමට සමත්ව අැත.

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us