මේ වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත සංචාරයේදී සචිත්රගේ පන්දු යැවීමේ ඉරියව්ව අංශක 15 නීතිය උල්ලංඝණය කරන බවට චෝදනා වූ පසුව එංගලන්තයේ කරනු ලැබූ පරීක්ෂණයේදී ඔහුගේ ඉරියව්ව නිවැරදි නොවන බවට තහවුරු වූයේය.
ඒ අනුව සච්ත්රට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පන්දු යැවීම තහනම්විය.
ඉන් අනතුරුව සිය ඉරියව්ව නැවත සකසාගත් සචිත්ර මිට සති දෙකකට ඉහතදී ඉන්දියාවේ චෙන්නායි විශ්වවිද්‍යාලයේ සිය පන්දු යැවීමේ ඉරියව්ව නැවත වරක් පරීක්ෂා කරන ලදී.
එහිදී ඔහු නිවැරදි සීමාවේ පන්දු යොමුකරන බවට තහවුරුවී ඇති බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.