කෑගල්ලේ කොමියුනිස්ට්වරු මෛත්‍රි පැත්තට

Published in පුවත්
Thursday, 11 December 2014 09:51

ජනාධිපති පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට සහාය දීමට ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ කෑගල්ල දිස්ත්‍රික් සභාව තීරණය කර තිබේ.

කොමියුනිස්ට් පක්ෂයේ දිස්ත්‍රික් ලේකම් හා සබරගමු පළාත් සභා හිටපු මන්ත්‍රි නීතිඥ ඇම්.ඒ. ප්‍රේමචන්ද්‍ර මහතා 'නීතියේ ආධිපත්‍යය රැකගනිමු' මැයෙන් කෑගල්ල දිස්ත්‍රික් නීතිඥ සංගමය මඟින් පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව පැවැසීය.


එහිදී අදහස් දැක්වූ ප්‍රේමචන්ද්‍ර මහතා,'' මම ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයෙන් සබරගමු පළාත් සභාවේ මන්ත්‍රිවරයෙක් ලෙස සිටියා. අපේ පක්ෂයේ ප්‍රධාන ලේකම්තුමා හමුවී ඇසුවා මේ තත්ත්වය පිළිබඳව. එහෙත් ඔවුන්ගෙන් මේ සඳහා නිසි පිළිතුරක් නැහැ. එදා ‍ෙදාස්තර වික්‍රමසිංහ, ආචාර්ය එන්.එම්. පෙරේරා, කොල්වින් ආර්.ද සිල්වා යන අය ආණ්ඩුවලට සම්බන්ධ වී විශාල වැඩ කොටස් කළා....

විටින් විට එම ආණ්ඩුවල නීති රීති වෙනස් කරන්න දායක වෙලා තිබෙනවා. 89දී අපිට ඡන්දය කරන්න බැරි වුණා. මේ කාරණා කටයුතු පැහැදිලි කිරීම නීතිඥයකු වශයෙන් මහජනතාව දැනුවත් කළ යුතුයි. විවිධ මතවාද සමඟ සිටින පිරිස් පොදු අපේක්ෂකයා වටා එක අරමුණක් සඳහා පෙළ ගැසිය යුතුයි.
ජනාධිපතිට නොව පාර්ලිමේන්තුවට බලය දීලා නීතිරීති සඳහා ක්‍රමයක් ඇති කළ යුතුයි. ඒ සඳහා කෑගල්ල දිස්ත්‍රික් කොමියුනිස්ට් සභාව ඇපකැප වී වැඩ කරනවා'' යැයිද පැවැසීය.


මේ මාධ්‍ය සාකච්ඡාව කෑගල්ල නීතිඥ සංගමය මඟින් ලේකම් නීතිඥ ප්‍රියන්ත ගමගේ මහතා විසින් කැඳවා තිබිණි. මේ අවස්ථාවට නීතිඥවරු තිස්දෙනෙක් පමණ සහභාගි වී සිටියහ.

මෙහිදී අදහස් දැක්වූ නීතිඥ ප්‍රියන්ත ගමගේ මහතා, ''මෙය ප්‍රජාතන්ත්‍රවාදය හා ඒකාධිපති අතර සටනක්. මිනිසුන් දැනුවත් කිරීම අපේ යුතුකමක් කොට අපි සැලකිය යුතුයි. ලයිට් කණු සියල්ලම බදු අරන්, පාරේ සවිකර ඇති එක පුද්ගලයකු එළවන්නයි මේ සටන.'' යයි සඳහන් කළේය.

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us