ගෙයක් ගොඩනංවනවා වගේ මාධ්‍ය නිදහස තහවුරු කරනවා

Published in පුවත්
Wednesday, 10 December 2014 14:45

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත් වීමෙන් පසුව දියත් කෙරෙන දින සියයයේ වැඩ පිළිවෙල යටතේ තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ පනත පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට තීරණය කර ඇතැයි විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඔහු මේ බව පවසා සිටියේ අද (10) කොළඹ ධර්ම විජය පදනමේ පැවැති මාධ්‍යවේදීන්ගේ ජාතික සමුළුව අමතමින්ය.

අද මේ පනතට විරුද්ධව ඉන්නේ එක ජනාධිපති අපේක්ෂකයකු පමණක් බවද ඒ වෙන කිසිවකුත් නොව මහින්ද රාජපක්ෂ බවද ඔහු පැවැසීය.

කෙසේවෙතත් මෙලෙස එක දිනකින් එක වැඩකින් මාධ්‍ය නිදහස සහතික කළ නොහැකි බව පෙන්වාදුන් වික්‍රමසිංහ මහතා ගිනි තබා විනාශ කර තිබෙන ගෙයක් අත්තිවාරමේ සිට ගඩොලින් ගඩොල ගොඩ නගනවා සේ මාධ්‍ය නිදහස තහවුරු කළ යුතු බවත් ඒ සඳහා වන නව මාධ්‍ය සංකෘතියක් නිර්මාණය කළ යුතු බවත් සඳහන් කළේය.

{soundcloud}https://soundcloud.com/lankadaily/ranil-wikramasinghe{/soundcloud}

 

Last modified on Wednesday, 10 December 2014 14:48

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us