නුවරඑළිය එජාපයට!

Published in පුවත්
Thursday, 11 December 2014 13:15

කම්කරු ජාතික පෙරමුණේ නායක පලනි දිගම්බරම් සහ කඳුරට ජනතා පෙරමුණේ දේශපාලන අංශනායක වී.රාධාක‍්‍රිෂ්ණන් යන නුවරඑළිය දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් දෙදෙනා ආණ්ඩු පක්ෂයෙන් ඉවත්වී විපක්ෂයේ පොදු අපේක්ෂකයාට සහයෝගය දැක්වීමත් තීරණයත් සමගම මෙතෙක් සන්ධාන රජයට බලය තිබූ නුවරඑළිය ප‍්‍රාදේශීය සභාවේ බලය එක්සත් ජාතික පක්ෂයට හිමිව අැත.

කඳුරට ජනතා පෙරමුණෙන් මන්ත‍්‍රීවරු හත් (7) දෙනෙක්ද කම්කරු ජාතික පෙරමුණෙන් මන්ත‍්‍රීවරු හතර (4) දෙනෙක්ද, එක්සත් ජාතික පක්ෂයෙන් මන්ත‍්‍රීවරු පස් (5) දෙනෙක්ද, මධ්‍යම පළාත් සභා මන්ත‍්‍රී එස්. සදාසිවන් මහතාගේ නායකත්වයෙන් යුත් ලංකා කම්කරු එක්සත් පෙරමුණෙන් මන්ත‍්‍රීවරු හතර (4) දෙනෙක් හා 1ක් ස්වාධීන මන්ත‍්‍රීවරයෙක් යටතේ නුවරඑළිය ප‍්‍රාදේශීය සභාව සමන්විත විය.

මෙම ප‍්‍රාදේශීය සභාවේ සභාපතිධූරය කඳුරට ජනතා පෙරමුණේ එස්. සදාසිවන් මහතා දරණු ලැබීය.

කඳුරට ජනතා පෙරමුණේ හා කම්කරු ජාතික පෙරමුණෙන් ඉවත්වූ මන්ත‍්‍රීවරු තිදෙනෙක් (3) ඔවුන් සිටි පක්ෂවලින් ඉවත්වී ලංකා කම්කරු කොංග‍්‍රසයට එක්විය.

නුවරඑළිය ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පැවසුවේ මේ අනුව එක්සත් ජාතික පක්ෂයට මන්ත‍්‍රීවරු දහඅට (18) දෙනෙකු සහ සන්ධානයට මන්ත‍්‍රීවරු තිදෙනෙකු (3) වශයෙන් අද (11) සිට නුවරඑළිය ප‍්‍රාදේශීය සභාව කි‍්‍රයාත්මක වන බවය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us