" ගම්මන්පිල මහත්තයා කියන්නේ දක්ෂ දේශපාලකයෙක්. එතුමාට අපි සුබ ප්රාර්ථනා කරනවා තමන් විශ්වාස කරන ප්රතිපත්තිය තුළ ගිය ගමන ගැන. එතුමන්ගේ ක්රියාදාමය අවසාන වශයෙන් තීරණය කරන්නේ ජනතාවයි.
ඒ නිසා ජනතාව ඒ ගැන තීරණයක් දෙයි. කොහොම හරි එතුමා තීරණයක් අරන් තියෙනවා. ඒක අපිට, පාක්ෂිකයන්ට කනගාටුවක් සන්තාපයක් තියෙනවා. නමුත් එතුමාගේ තීරණය පිළිබඳව අවසාන වශයෙන් තීන්දු කරන්නේ ජනතාවයි." බව ඔහු පැවසුවේය.