රාජපක්ෂවරුන්ගේ ඇමරිකානු දේපළ හෙළිවේ Featured

Published in පුවත්
Friday, 12 December 2014 09:58

ජනාධිපතිවරයාගේ බාල සොයුරන් දෙදෙනා වන ඇමරිකානු පුරවැසි බැසිල් රාජපක්ෂ මහතාගේ සහ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමරිකා එක්සත් ජනපදයේ ඩොලර් මිලියන ගණනක දේපළවලින් කොටසක විස්තර 'ලංකා ට්රුත්' වෙබ් අඩවිය විසින් හෙළිදරව් කර තිබේ.

එම වෙබ් වාර්තාවට අනුව, මේ දේපළ අතරට බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයාගේ බිරිඳ වන පුෂ්පා රාජපක්ෂ මහත්මියගේ නමින් කැලිෆෝනියාවේ පිහිටි නිවාස 04ක් ඇතුළත්ය.

ඒවායේ ලිපිනයන් පහත පරිදිය.

(1) 5581 Homecoming, Mira Loma, CA 91752 (2) 15067 Preston Dr, Fontana, CA 92336 (3) 222 Dexter St, Covina, CA 91723 (4) 15067 Preston Dr, Fontana, CA 92336 යන ස්ථානවල එම නිවාස ඇත.

http://radaris.com/ නම් එක්සත් ජනපදයේ පුද්ගල සෙවුම් වෙබ් බවුසරයේ අදාළ නම් ඇතුළත් කිරීම මගින් එම ස්ථාන ඕනෑම අයෙකුට පරීක්ෂා කර ගත හැකිය.

එසේම ගෝඨාභය රාජපක්ෂ ලේකම්වරයාගේ බිරිඳ වන අයෝමා රාජපක්ෂ මහත්මිය නමින් වන නිවාස 02ක තොරතුරුද අනාවරණය වේ.

^1& 1341 Wickham Ct, San Dimas, CA 91773 ^2& 303 S Cataract Ave, San Dimas, CA 91773 යන ස්ථානවල එම නිවෙස් පිහිටා ඇත.

2007 වසර වන විට මොවුන් දෙදෙනාට හිමිව තිබුණේ කැලිෆෝනියාවේ එක් නිවාසය බැගිනි. ඒ, පුෂ්පා රාජපක්ෂ නමින් Fontana හි එක් නිවසක්ද අයෝමා රාජපක්ෂ නමින් San Dimas හි එක් නිවසක්ද වශයෙනි.

එම කාලයේ Fontana හි පුෂ්පා රාජපක්ෂ මහත්මියගේ නිවසේ වෙළඳපොළ වටිනාකම ඩොලර් මිලියන 4.5ක් බවට ඇස්තමේන්තු කර තිබිණි. අයෝමා රාජපක්ෂ මහත්මිය නමින් San Dimas හි තිබූ පැරණි නිවසේ වටිනාකම ඩොලර් 9,95,000ක් විය.

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්, රජයේ විධායක නිලධාරීන් තමන්ගේ හා පවුලේ වත්කම් වාර්ෂිකව හෙළිකළ යුතු අතර 2007දී රාජපක්ෂ ජනාධිපතිවරයා ඊට සංශෝධනයක් සිදුකරන ලදී. ඒ අනුව ද්විත්ව පුරවැසිභාවය ලබා ඇති පුද්ගලයින් තමන් අනෙක් පුරවැසිභාවය ලබා ඇති රටේ වත්කම් මෙරටදී හෙළිකළ යුතු නොවේ.

වැඩි විස්තර සඳහා

http://radaris.com/p/Pushpa/Rajapaksa/

http://radaris.com/~Ioma-Rajapaksa/107098560

capture

 

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us