හෝකන්දර ගුවන් අනතුරින් 4ක් මරුට(ඡායාරූප)

Published in පුවත්
Friday, 12 December 2014 10:10

අතුරුගිරිය, හෝකන්දර, වානගුරු මාවත ප‍්‍රදේශයට ගුවන් යානයක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරින් පුද්ගලයින් සිව් දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව ඇති බව වාර්තා වේ.මෙය කටුනායක සිට රත්මලාන දක්වා පියාසර කරමින් තිබුණු ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ඇන්ටනෝව් -32 වර්ගයේ ගුවන්යානයකි.

මෙලෙස අනතුර ලක්වී ඇත්තේ ගුවන් හමුදාවට අයත් ඒ එන් 32 වර්ගයේ ගුවන් යානයක් බව ගුවන් හමුදා විධායක මාධ්‍ය නිලධාරී ගිහාන් සෙනෙවිරත්න මහතා පැවසුවේය. මෙය සැහැල්ලූ වර්ගයේ මගී ගුවන් යානයක් බවද ඔහු සදහන් කළේය.


අධික මීදුම තත්ත්වය හේතුවෙන් යානයේ ගමන් මග අපැහැදිලි බවට එහි නියමුවන් අවසන් වරට දැනුම් දී ඇතැයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

ඉන් විනාඩි කිහිපයකට පසු යානය සමඟ තිබු සබඳතා බිදවැටී ඇත.

මේ අතර අනතුරින් දැඩි පිළිස්සුම් තුවාල ලැබ බේරාගනු ලැබූ එක් අයෙකු මේවන විට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

ගුවන්යානය කඩාවැටීමෙන් අවට නිවාසයකටද හානි සිදුව ඇත.

යානය කඩාවැටීමත් සමග එය හදිසියේ ගිනිගෙන ඇත.

ඡායාරූප-රවීන්ද්‍ර පුෂ්පකුමාර

67379 1519824214940218 777541445967067646 n - Copy

10410892 1519824238273549 3693596335910409198 n

10494790 1519824278273545 8847422462157033397 n

10615980 1519824294940210 5329497091120275183 n

10690232 1519824014940238 1073395105546398438 n

10846382 1519823944940245 5585937495776236128 n

 

 

Last modified on Friday, 12 December 2014 11:19

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us