සන්ධාන මන්ත්‍රීටයි ගෝලයන්ටයි ඇප

Published in පුවත්
Friday, 12 December 2014 10:33

එප්පාවල නගරයේදී වීදි නාට්‍ය කණ්ඩායමකට සහ මාධ්‍යවේදියෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තලාව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරයා ඇතුළු පුද්ගලයින් සිව්දෙනා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණි.

තඹුත්තේගම අධිකරණය විසින් ඔවුන් රුපියල් ලක්ෂ 15 බැගින් වන ශරීර ඇප මත ඊයේ (11)මුදාහැර ඇත.

පසුගිය 05 වනදා මහජනයා දැනුවත් කිරීමේ වීදි නාට්‍යක් සිවිල් සංවිධාන එක්ව සංවිධානය කර තිබුණි.

එහිදී ඔවුන්ට පහරදීමක් සිදුව තිබු අතර ඒ අනුව සිදුකළ විමර්ශනයකදී එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසුවේය.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ලවී තිබු තලාව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නදහස් සන්ධාන මන්ත්‍රීවරයෙකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු පෙරේදා දිනයේ පොලිසියට බාරවී තිබුණි.

ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඊයේ දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තැබුණි.

Last modified on Friday, 12 December 2014 10:33

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us