දෙපාර්ශවයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු අද දිනයේ සිය පැති මාරු කරනු ඇති බව දේශපාලන පක්ෂ ආරංචි මාර්ග පවසයි.
ඒ .එච්.එම් අස්වර් මහතා ඉල්ලා අස්වීමෙන් හිස් වු මන්ත්‍රී ධුරය වෙනුවට අමීර් අලී මහතා මන්ත්‍රීවරයෙකු වශයෙන් දිවුරුම්දීමද අද දිනයේ සිදුකිරීමට නියමිතය.
මේ අතර පාර්ලිමේන්තුවේ ආසන පැනවීමේ විශේෂ වෙනසක් සිදුකර ඇති බව වාර්තා වේ.
ආණ්ඩු පක්ෂයේ ඇමතිවරුන් ඇතුළු පිරිසක් විපක්ෂයට සහය දීම සහ එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වු තිස්ස අත්තනායක මහතා ආණ්ඩු පක්ෂයට එක්වීම හේතුවෙන් නව ආසන පැනවීමේ ක්‍රමවේදයක් අනුගමනය කරන බව පැවසේ.