‘‘ දිල්වාලේ දුල්හානියා ලේජායෙන්ගේ ’’නව වාර්තාවක් පිහිටුවයි.

Published in කලා
Sunday, 14 December 2014 11:14

ඉන්දියාවේ අතිශය ජනපි‍්‍රය චිත‍්‍රපටයක් වූ ‘‘ දිල්වාලේ දුල්හානියා ලේජායෙන්ගේ ’’ චිත‍්‍රපටය මුම්බායිහි සිනමා ශාලාවක් තුළ සති දහසක් හෙවත් දින හත් දහසක් ප‍්‍රදර්ශනය කරමින් නව වාර්තාවක් පිහිටුවා අැත.

1995 වසරේ ඔක්තෝම්බර් මස 20 වනදා පළමු වරට තිරගත වූ මෙම චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතය නිරූපනය කරනු ලබන්නේ සුපිරි බොලිවුඞ් නළු නිළි යුවළක් වන ෂාරුක් ඛාන් සහ කාජල් විසිනි.

චිත‍්‍රපටය තවමත් ප‍්‍රදර්ශනය වන්නේ මුම්බායිහි මාර්තා මන්දීර් සිනමා ශාලාවේය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ සති දහසක් සම්පූර්ණ කිරීම නිමිත්තෙන් එම චිත‍්‍රපටය රගපෑ නළු නිළියන්ගේ සහභාගිත්වයෙන් උත්සව රැසක් පවත්වමින් ඇති බවයි.

සංවේදී පේ‍්‍රම කතාවක් වටා ගොඩ නැගුණු ‘‘ දිල්වාලේ දුල්හානියා ලේජායෙන්ගේ ’’ චිත‍්‍රපටයේ ගීතද ලොවපුරා රසික රසිකාවියන් අතර අදටත් අතිශය ජනපි‍්‍රයය. ආදිත්‍ය චොප්රා අධ්‍යක්‍ෂණය කළ මෙම චිත‍්‍රපටය නිර්මාණය කිරීමට ගිය වියදම ඉන්දීය රුපියල් මිලියන 40 කි. එය ලොව පුරා ප‍්‍රදර්ශනයෙන් ඉන්දීය රුපියල් බිලියන එකයි දශම දෙකයි දෙකක ආදායමක් උපයනු ලැබුවේය.

Leave a comment

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us