ගැටුම හේතුවෙන් උතුරු පළාත් කෘෂිකර්මාන්ත අමාත්‍ය පී.අයින්ගරනේෂන්, පළාත් සභා මන්ත්‍රී කේ.සර්වීස්වරන් යන මහත්වරුන් තුවාල ලබා ඇත.
එසේම ගැටුමට මුල් වී ඇත්තේ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා මධ්‍යම ආණ්ඩුව විවේචනය කරද්දී අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා පළාත්ආණ්ඩුව විවේචනය කිරීම බවත් වාර්තාවේ.
යාපනය දිස්ත්‍රික් සංවර්ධන කමිටුව අද රැස්ව ඇත්තේ සම සභාපතිවරුන් වන උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේස්වරන් සහ අමාත්‍ය ඩග්ලස් දේවානන්දා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි.
මෙහිදී උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ඇතුළු නියෝජිත පිරිස සභාවෙන් පිටව ගොස් ඇත.