මේ අතර අද (දෙසැ 16) දින කැෆේ සංවිධානය වෙත ලැබුණු පැමිණිලි අතරින් හලාවත එජනිස රැළියට ශ්‍රිලංගම බස් රථ යොදාගැනීම පිළිබඳව කැෆේ සංවිධානය මැතිවරණ කොමසාරිස් වරයා වෙත වෙත ලිඛිතව දන්වනු ලැබීය.
හලාවත එජනිස රැළියට ශ්‍රිලංගම බස් යොදාගැනීම
දෙසැම්බර් 16 වන දින හලාවතදී පැවැත්වීමට නියමිත එජනිස මැතිවරණ ප්‍රචාරක රැළියක් සඳහා හලාවත, වෙන්නප්පුව සහ පුත්තලම යන බස් ඩිපෝ වලින් බස් රථ යොදවා තිබේ.
මේ වනවිට ලැබී ඇති තොරතුරු වලට අනුව හලාවත ඩිපෝව සතු බස් රථ 53 න් බස් 30ක් මේ සඳහා යොදවා ඇති අතර, වෙන්නප්පුව ඩිපෝව සතු බස් රථ 33න් බස් රථ 22 ක් මේ සඳහා යොදවා තිබේ.
මේ ආකාරයට රාජ්‍ය දේපළ මැතිවරණ ව්‍යාපාරය සඳහා භාවිත කිරීම නීති විරෝධී වන බව කැෆේ සංවිධානය මැතිවරණ කොමසාරිස් වරයා වෙත දන්වනු ලැබීය.